ඊශ්‍රායල් මැතිවරණයේ ජය බෙන්ජමින් නෙතන්යාහුට යන ලකුණු

Date:

ඊශ්‍රායලයේ ඊයේ(01) දිනයේදී සෙනෙට්හි සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ව්‍යවස්ථාදායක මැතිවරණයේ ප්‍රකාශිත නිල ඡන්ද වලට අනුව හිටපු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඡයග්‍රහණය කරනු ඇති බවට ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කර තිබේ.

නිල ප්‍රතිථලවලට අනුව ඔහුගේ දක්ෂිනාංශික කණ්ඩායමට ඔහුගේ විරුද්ධවාදීන්ට වඩා සුළු ආසන සංඛ්‍යාවක් ලබා ගනු ඇත. එනම් පාර්ලිමේන්තුවේ ආසන 120න් ආසන 61ක් හෝ 62 ඔහු දිනාගනු ඇති බවට පුරෝකතන ඉදිරිපත්ව තිබේ.
පසුගිය වසරේ පැවති මැතිවරණයේදී නෙතන්යාහු මහතා බලයෙන් පහ කළ වත්මන් අගමැති යායර් ලපිඩ්ගේ මධ්‍ය-වාම පක්ෂය ආසන 24ක් දිනාගනු ඇතැයි අනාවැකි පල වන අතර ජාතිකවාදී සහ ආගමික පක්ෂවල සහාය ඇතිව බහුතරයක් හිමිකර ගනිමින් ආසන 30-31ක් හිමිකරගෙන Likud විශාලතම පක්ෂය බවට පත්ව තිබේ. ආගමික සියොන්වාදය ආසන 14ක් දිනා තුන්වන විශාලතම පක්ෂය බවට පත්ව ඇත.

73 හැවැරිදි නෙතන්යාහු මතභේදාත්මක දේශපාලන චරිතයක් වන අතර වමේ බොහෝ දෙනා විසින් පිළිකුල් කරන චරිතයකි. ඔහු ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී ලෙස සඳහන් කරන ඊශ්‍රායලයේ ජනාවාස ගොඩනැගීමේ ව්‍යාපෘතියේ ස්ථිර ආධාරකරුවෙකි. එමෙන්ම ඔහු ඊශ්‍රායල-පලස්තීන ගැටුමට විසඳුමක් ලෙස බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීමට විරුද්ධ මතධාරියෙකි. 2019 වසරේදී අල්ලස්, වංචා සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවැත්වේ.

සිය ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් නෙතන්යාහු අන්ත දක්ෂිණාංශික නායක බෙසාලෙල් ස්මොට්‍රිච්ගේ හා ඊශ්‍රායල හා එක්සත් ජනපදයේ “ත්‍රස්තවාදී” නිරීක්ෂණ ලැයිස්තුවේ කණ්ඩායමක් වන Kach හි හිටපු සාමාජිකයෙකු වන බෙන්-ග්වීර්ගේ සහය අපේක්ෂා කරයි. එය මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ හොඳ හිත පළුදු වීමට බලපා ඇත.

විශ්ලේෂකයන්ට අනුව නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් සභාග රජයක් පලස්තීනුවන් සමඟ කිසිඳු සාම ක්‍රියාවලියක් ඉදිරියට නොයන අතර වාඩිලාගෙන සිටින ප්‍රදේශවලින් ඉවත්වීමක් සිදු නොවනු ඇත. ඒ අනුව නෙතන්යාහු යටතේවත් යු‌ද්ධය නිමා වේයැයි බලාපොරොත්තු තැබිය නොහැක.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...