එන්නේ සාමකාමී පා ගමනක්. මර්දනය කරන්න හදන්න එපා ! – විපක්ෂ නායක සජිත්

Date:

මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) අත්සන් තැබුවා.

ඒ, කොළඹ විපක්ෂනායක කාර්යාලයේදීයි.

එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ, නොවැම්බර් 02 පැවැත්වෙන ඒකාබද්ධ පාගමනට සමගි ජන බලවේගය නැතැයි ඇතැමුන් ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.

තමන් ඇතුළු සමගි ජන බලවේගය මෙම පාගමනට පූර්ණ සහය සහ දායකත්වය ලබාදෙන බවද, සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ, තනි, තනිව පටු නියාය පත්‍රවලින් මේ රට ගොඩනැඟිය නොහැකි බවයි.

සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ ඇතුළු පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත්තේ කිසිදු චෝදනාවක් නොමැතිව බවත්, පවතින මර්දනයට මුහුණ දීමට නම් සියලු දෙනාම එක්ව එක අරමුණකින් කටයුතු කළ යුතු බවත්, සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළා.

අද (02) පැවැත්වෙන්නේ සාමකාමී පා ගමනක් බව පැවසූ විපක්ෂ නායකවරයා එය මර්ධනය කිරීමට ආරක්ෂක අංශ සූදානම්ව සිටිනවානම් වහා එම ක්‍රියාමාර්ග ඉවත් කර ගන්නා ලෙසත්, සාමකාමී විරෝධතාවයට කිසිවකු අත තබන්නේනම් ඊට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...