*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/02

1. ශ්‍රී ලංකාව රටේ ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීමට අරගල කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි – දත්ත පෙන්නුම් කරන්නේ 2022 මාර්තු වන විට භාවිතයෙන් සියයට 60 කට පමණ ප්‍රසම්පාදනය සීමා කර ඇති බවයි – ණය පැහැර හැරීමෙන් පසු සැපයුම්කරුවන් පෙර ගෙවීම් ඉල්ලා සිටී.

2. කැබිතිගොල්ලෑව, රඹකැපුවැව ගම්මානයේ අලි ප්‍රහාරයකින් මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ගොස් ප්‍රදේශවාසීන්ගෙන් පහර කා තුවාල ලැබූ එහි පොලිස් වසමට අනුයුක්ත පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්වෙයි.‍

3. ශ්‍රීලංකන් ගුවන් සේවය සහ එහි අනුබද්ධිත ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයෙන් ඉල්ලා සිටී.

4. ශ්‍රී ලංකාව මුලින් අපේක්ෂා කළ පරිදි දෙසැම්බර් මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව අවසන් කිරීම අවිනිශ්චිත බව ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – පැරිස් සමාජයෙන් (Paris Club) බැහැරව සිටින චීනය සහ ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීමේ ප්‍රමාදයන් උපුටා දක්වයි – දෙසැම්බර් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහන ඉල්ලා සිට මාස 9-1/2 ක් ගතවනු ඇත – ඒ වන විට, සියලුම ද්විපාර්ශ්වික ණය දෙන්නන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අරමුදල් ඉවත් කරගෙන ඇත.

5. 2022 මැයි 12 සිට මාස 5-1/2 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 365 ක පමණ “ස්ථාවර” මට්ටමක පවත්වාගෙන ඇති බව විශ්ලේෂකයෝ පවසති – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන ආරම්භ වීමට ප්‍රථම එම ස්ථාවරත්වය මුදා හරින ලෙස එම අරමුදල බල කරයි – මෙමඟින් මිළ ඉහළ යාමේ සහ උද්ධමනය ඉහළ යාමේ රැල්ලක් මතුවීමට ඉඩ ඇත.

6. මධ්‍යම පන්තියේ ආර්ථික දුෂ්කරතා නරක අතට හැරීම, සමාජ කැලඹීම් සහ ප්‍රචණ්ඩත්වයට මඟ පාදන බවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අනතුරු අඟවයි – මධ්‍යම පන්තියට වැඩි වූ බදු සහ ගාස්තු දරාගත නොහැකි බවට අවධාරණය කරයි.

7. ජාතික ජන බලවේගය, සමඟි ජන බලවේගය සමඟ කිසිදු අරගලයක් කිරීමට සූදානම් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

8. ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ලද වත්මන් ආර්ථික අර්බුදය විසඳීමේ කටයුතුවලට බාධා ඇතිවිය හැකි විරෝධතා නවත්වන ලෙස ව්‍යාපාරික මණ්ඩල කිහිපයක් සියලු පක්ෂ ඇතුළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී – මීට ඉහත බොහෝ ව්‍යාපාරිකයන් ගාලු මුවදොර විරෝධතාවලට සක්‍රීයව සහාය ලබා දුන් බව ද සිහිපත් කළ යුතුය.

9. බුකර් ත්‍යාගලාභී ෂෙහාන් කරුණාතිලක, තම ග්‍රන්ථයේ අන්තර්ගතයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පුවත්පත් කර්තෘ සහ නීතිඥ රාජ්පාල් අබේනායකගෙන් සොරකම් කර ඇති බවට වාර්තා පළවේ.

10. ශ්‍රී ලංකාව ICC T20 ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පළමු කාණ්ඩයේ තරඟය කඩුලු 6කින් ජය ගනී – ඇෆ්ගනිස්ථානය 144/8 (පන්දුවාර 20); ශ්‍රී ලංකාව 148/4 (පන්දුවාර 18.3).

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan