පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහිව ගොනුකර තිබුණු නඩුවෙන් ඒ මහතාව නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) නියෝග කළේය.
ඒ, එම පරීක්ෂණය අද කැඳවූ අවස්ථාවේදී ය.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව බදූර්දීන් මහතාව එම නඩුවෙන් නිදහස් කර ඇති බව සඳහන්.
මෙම නඩුවට අදාළව 2021 අප්‍රේල් 24 වනදා අත් අඩංගුවට ගැනුණු ඒ මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 177 ක් රඳවා තබාගෙන තිබිණි.
RN