*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

වාහන ජාවාරමක නිරත වූ ප්‍රබල දේශපාලකයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක්

නීතිවිරෝධී ලෙස මෙරටට වාහන ආනයනය කර ව්‍යාජ ලේඛන සකස් කර විකිණීමට සූදානම් වූ මධ්‍යම පළාතේ ප්‍රබල දේශපාලනඥයකු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ, එලෙස ආනයනය කළ සුඛෝපභෝගී ජීප් රථයක් නාරාහේන්පිට සුපිරි මහල් නිවාස සංකීර්ණයක සඟවා තිබී වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (01) අත් අඩංගුවට ගැනීමත් සමග ය.

එම වාහනය විකිණීමට සූදානමින් සිටි ප්‍රධාන පෙළේ වාහන ප්‍රදර්ශනාගාර හිමිකරුවකු ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ එම ජීප් රථය අදාළ ප්‍රබල දේශපාලනඥයා විසින් ආනයනය කර ඇති බවයි.

එය 2008 වසරේ සිට 2022 වසර දක්වා දේශපාලනඥයාගේ නමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර තිබී ඇති අතර 2022 වසරේදී එය මධ්‍යම පළාතේ වාහන ප්‍රදර්ශනාගාර හිමිකරුවකු නමට ලියාපදිංචි කර ඇති බවත් පොලිසිය පවසයි.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලැබුණු තොරතුරක් අනුව බුද්ධි නිලධාරීන් යොදවා විමර්ශන සිදුකර ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan