කොළඹ LNW: ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට චීනයේ සිනොපෙක් සමාගම සූදානමින් පසුවෙයි.
ඒ අනුව හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමේ ව්‍යාපෘතිය සිනොපෙක් සමාගම විසින් සිදුකිරීමට නියමිත අතර ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ඉදිරි සති දෙකක පමණ කාලය තුළ සිදුවන බව සඳහන්.
හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීම සදහා සිනොපෙක් සමාගමට අමතරව,විටෝල් නම් සිංගප්පූරු සමාගමද ඉදිරිපත්ව සිටි නමුත් පසුව විටෝල් සමාගම ඉවත් වීම හේතුවෙන් සිනොපෙක් සමාගමට ව්‍යාපෘතිය හිමිව තිබේ.
පසුගියදා චීනයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එම සංචාරය අතරතුර සිනොපෙක් සමාගමේ ප්‍රධානියා හමු වී තිබුණි.
ASK