තේ වගාවට තිබූ ප්‍රශ්න ඉවරයි! තේ වලට හොඳ කලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විසඳුමක් පෙනෙන මානයේ නොතිබුණු තේ වගාව සම්බන්ධව පැවැති පොහොර ගැටළුවට විසදුමක් ලෙස රජයට අයත් සමාගම් විසින් නිෂ්පාදනය කරන මිලටම පොහොර ලබා දීමට එකඟත්වය පළ වී ඇති බව වර්තා වනවා.

මෙම එකඟත්වය පළ වී ඇත්තේ තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර සහන මිලකට ලබා දෙන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය ඊයේ (01) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදීය.

ඒ අනුව අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම් දෙකක් වන ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය ජගත් පෙරේරා සමඟ සාකච්ඡා කරනු ලැබු අතර, ඉන් අනතුරුව අදාළ සමාගමේ සභාපතිවරයා මෙම ඉල්ලීමට එකගත්වය පළ කර ඇති බවයි සඳහන් වන්නේ.

වසර ගණනාවක් පුරා තේ වගාව සම්බන්ධව පැවැති පොහොර ගැටළුවට මෙසේ විසඳුම් ලැබුණු අතර ඒ සම්බන්ධව පියවර ගැනීම පිළිබඳව තේ කර්මාන්තකරුවන්ගේ සංගමය අමාත්‍යවරයාට කෘතඥතාවය පළ කර ඇත.

එමෙන්ම කෘෂිකාර්මික අංශයට පොහොර සැපයීම සඳහා ඉදිරිපත් වන කවර ආයතනයකට වුවද අවසර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා තේ කර්මාන්තය සඳහා අවශ්‍ය වන පොහොර සම්පාදනයට ඉදිරිපත් වන්නේ නම් තේ කර්මාන්තකරුවන්ගේ සංගමයට ඊට අවසර ලබා දිය හැකි බවද පවසා ඇත.

රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් දැනට තේ, කුරුඳු, පොල් ඇතුළු වැවිලි බෝග වර්ග සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබන අතර මෙම පොහොර තේ වගාව සඳහා ඉතාමත් හිතකර බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...