තාවකාලිකව අත්හිටුවා ඇති වාහන අංක තහඩු නිකුත් කිරීම!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ (LNW):

අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන්, වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම, තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, අදාළ ගෙවීම් සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි.

එම කටයුතු ලබන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද, ඔහු සඳහන් කළ අතර, අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කිරීමට, කටයුතු යොදා ඇති බවද පැවසීය.

එම කාලසීමාව තුළ පත්‍රිකාවක මුද්‍රණය කොට ලියාපදිංචි වාහන අංකය ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක් දී ඇතැයි ද, ඔහු කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...

කවීජ ගමගේ තුන් ඉරියව් දස්කම්වලින් ලංකාවට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය...