ඕවින්දි විෂ්මිකා
නොවැම්බර් 03, ලෝකය (LNW): විද්‍යා ක්ෂේත්‍රයේ නොවන පුද්ගලයෙක් ඉතිහාසය ප්‍රශ්න කරන විට නාසා ආයතනය සැමවිටම ක්ෂණිකව ප්‍රතිචාර දක්වයි. විද්‍යාඥයෙකු විශ්වය ගැන ගැටළුවක් නැගූ විට නාසා ආයතනය නිහඬව සිටියි.
මෙම අසමසම හැසිරීම කිසිදා නොවුනු අයුරින්ම පැහැදිලිවම පෙනී යන සිදුවීම් ද්විත්වයක්ම සිදුවිය.
මෙවැනි එකක් වසර 2025 ආරම්භයේදීම සිදු විය. එනම් Kim Kardashian තම වැඩසටහනකදී 1969 සඳ මත ගොඩබෑම “ව්‍යාජ” බව ප්‍රකාශ කළ විට එය සමාජ මාධ්‍යයන්ගේ සිරස්තල බවට පත් විය. නාසා හි වැඩබලන පරිපාලක ෂෝන් ඩෆි විනාඩි කිහිපයක් ඇතුළත සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු දෙමින් කියා සිටියේ:
“ඔව්… අපි චන්ද්‍රයාට ගියා වරක් නොව හය වරක්.”
NASA තත්පර කිහිපයක් ඇතුළත තම අතීතය ආරක්ෂා කරමින් වැරදි තොරතුරු නිවැරදි කළ අතර පැහැදිලි, වේගවත්, විශ්වාසනීය ප්‍රතිචාරයක් සමාජගත කළේය.
නමුත් එයටත් වඩා බරපතල ගැටළුවක් වන අභිරහස් අන්තර් තාරකා වස්තුව 3I/ATLAS සම්බන්ධයෙන් වූ විද්‍යාත්මක ගැටළුවකදී නාසා ආයතනයේ ප්‍රතිචාරය වුයේ නිහඬතාවයයි.

2025දී සොයාගත් 3I/ATLAS වර්තමානය දක්වා සොයාගත් තුන්වෙනි අන්තර්තාරක වස්තුවයි. සමහර විද්‍යාඥයන් පවසන පරිදි එය සාමාන්‍ය නොවන හැසිරීම් පෙන්වයි. හාර්වඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ අවි ලෝබ් (Avi Loeb) කියා සිටින්නේ NASA විසින් වැදගත් දත්ත විශේෂයෙන්ම Mars Reconnaissance Orbiter යානයේ HiRISE කැමරාව විසින් ලබාගත් ඡායාරූප සඟවා තබන බවයි. ඔහුට අනුව දත්ත සඳහා වූ ඔහුගේ ඉල්ලීම්වලට තවටත් පිළිතුරු ලැබී නැත.

මේ දක්වා නාසා ලබා දුන් එකම ප්‍රකාශය නම්:
“එය වල්ගා තරුවක්. තර්ජනයක් නැත.”
එය කැපී පෙනෙන වෙනසකි. නිරූපණ ක්ෂේත්‍රයේ පුද්ගලයෙකුගේ ප්‍රකාශයකට ක්ෂණික ප්‍රතික්ෂේප කිරීමකුත් විශ්වය ගැන විද්‍යාත්මක ප්‍රශ්නයකට කෙටි සහ නිහඩ ප්‍රකාශයකුත් ලැබෙන්නේ කෙසේද?
ඇයි මෙතරම් විෂම ප්‍රතිචාරයක්?
බොහෝ දුරට හේතුව අවදානම් කළමනාකරණය විය හැකිය. ජනප්‍රියයන්ගේ කතාවක වැරැද්ද නිවැරදි කිරීම පහසුය.මන්ද එය නාසා හි ප්‍රතිරූපයට ආරක්ෂිත ජයග්‍රහණයකි. නමුත් 3I/ATLAS වැනි අභිරහස් විෂයයක් සංකීර්ණ හා අවිනිශ්චිත වන අතර අපගේ විශ්වය පිළිබඳ පවතින අදහස්වලට අභියෝග කළ හැකිය. එසේ නම්, නිශ්ශබ්දතාවය ප්‍රවේශම් සහගත තේරීමක් බවට පත්වේ.
නමුත් එම නිහඬතාවට මිලක් තිබේ. ජනප්‍රිය ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින් විවෘත විද්‍යාත්මක ප්‍රශ්න නොසලකා හැරීමෙන් නාසා ආයතනය සිදුකරන්නේ තම ඇග බේරා ගැනීමක් බවට කාටත් සැක පහළ වෙයි.
විනිවිදභාවය සැමවිටම විද්‍යාවට කේන්ද්‍රීය වී ඇත. නාසා ආයතනය කතා කළ යුත්තේ කවදාද සහ නිහඬව සිටිය යුත්තේ කවදාද යන්න තෝරා ගන්නා විට එය ඔවුන් මත ලෝකයා තබා ඇති විශ්වසනීයත්වය අඩපණ කිරීමේ අවදානමක් ඇත.
මෙවැනි වයිරල් සිරස්තල සහ සැකය උපදවන මාර්ගගත තාක්ෂණික යුගයක විශ්වාසවන්තව සිටීමට ආයතනයට අවශ්‍ය නම් එය සරල හා සංකීර්ණ යන සියලුම කරුණුවලට සමාන විවෘතභාවයකින් ප්‍රතිචාර දැක්විය යුතුය.
නිහඬව සිටීම ආරක්ෂිත විය හැකි නමුත් විද්‍යාව පිළිබඳ සැබෑ විශ්වාසය කිසි විටෙකත් නිහඬ නොවේ.