නිශ්මං රණසිංහ නොවැම්බර් 03, කොළඹ LNW:
ICC සංකල්පයකට අනුව ක්‍රිකට් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය වීම සළකා මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාව විසින් විස්සයි විස්ස තරග පහක්ම ලබා දී තිබෙනවා.එහිදී තරගවල තරගකාරීත්වය සහ සටන්කාමීත්වය උද්යෝගිමත්ව වැඩි කර ගනිමින් මැලේසියාවට පහසු සහ වඩාත් සමීප දක්ෂතා ඇති කණ්ඩායමක් ප්‍රතිවාදීන් ලෙස ලබා දීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට මැලේසියානු කණ්ඩායම සමඟ තරග කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්,ක්‍රිකට් පහසුකම් විමධ්‍යගත කිරීම හරහා ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට රටේ සෑම අතින්ම දක්ෂයන් නිර්මාණය වීම සිඳුවෙමින් පවතින අතර එහි ප්‍රතිපලයන් පෙන්වමින් පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැඟෙන යාමට පිත්තෙන් සහ පන්දුවෙන් ප්‍රබලම දායකත්වය ලබා දුන් දෙදෙනාම ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය කරන්නන්ය.පළමුව පන්දුවට පහර දුන් මැලේසියානු ජාතික කාන්තා කණ්ඩායම පන්දු ඕවර් 20 දී කඩුලු 7 ට ලකුණු 110 ක ට සීමා කරන්නට මුල් වූ ක්‍රීඩිකාව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ රජඇල විද්‍යාලයේ මිතලි අයෝධ්‍යාය.පිත්තෙන් ජයග්‍රහණය සනාත කරන්නට උර දුන් විමෝක්ෂා බාලසූරිය ත්‍රීකුණාමල සිංහල මහා විද්‍යාලයේ ය.
නොවැම්බර් 2 වන දින පැවති අතර එයින් කඩුලු 5 ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා තරුණියන්. සමත් විය.ඔස්ට්‍රේලියා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කැපී පෙණුන ආරම්භක පිතිකරු යුගලය අතරින් වඩාත් දීප්තිය විහිදුවේ සංජනා කාවින්දි වුව ද,මේ ජයග්‍රහණයේදී කැපී පෙණුන පිතිකාරිණිය වූයේ සංජනා නොව විමෝක්ෂා ය.ඇය ආරම්භක පිතිකාරිනියගේ වගකීම ඉටු කරමින් මැලේසියාව පන්දු ඕවර් 20 තුළ ලබා ගත් ලකුණු 110 හඹා යාමේදී පන්දු 44 දී නොදැවී ලකුණු 53 ක් ලබා ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළාය.කඩුලු 5 ක් පමණක් වැය කර එම ලකුණු ප්‍රමාණයට සමීපවීමට දායකවෙමින් ලිමන්සා තිලකරත්න පන්දු 20 දී ලකුණු 19 ක් නොදැවී රැස් කරන්නට සමත් වූවාය.ඒ අනුව 18 වන පන්දු ඕවරයේ අවසාන පන්දුවේදී ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 5 ක් දැවී ලකුණු 113 ක් බවට පත් විය.

.