21 විපක්ෂෙ වැඩෙන් සජබ,සර්වජන බලය එක්ක විමලුත් කර අරියි?

Date:

කොළඹ LNW: එළඹෙන 21 වැනිදා විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව නුගේගොඩ දී පැවැත්වීමට නියමිත “මහා ජන හඬ” රැළියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණද තවමත් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.

විමල් වීරවංශ මහතා පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, රණවිරු දඩයම, අභිචෝදක කාර්යාලය සහ LGBT ප්‍රවර්ධනය කිරීම ආදී කරුණු පිළිබදව පුළුල් එකඟතාවයකට පැමිණීමෙන් තොරව එක් වේදිකාවකට ගොඩවිය හැකි විපක්ෂ සන්ධානයක් ගොඩනැංවිය නොහැකි බවයි.

එම මහජන රැළියට සහභාගිනොවන බවට මේ වන විට සමඟි ජන බලවේගය සහ සර්ව ජන බලය ප්‍රකාශ කර තිබෙන අතර කෙසේවෙතත් විපක්සහ්යේ එම කාර්යයට සුබ පතන බවයි ඔවුන් පවසා ඇත්තේ.

ප්‍රධන ලෙසම සමඟි ජන බලවේගය එම රැළියට සහභාගී නොවන බවට මේ වන විට පසුවන ස්ථාවරය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබුණේ විපක්සහ්යේ ඕඩූආ වැඩේට සහභාගී නොවීම තුළ දේශපාලන අවාසිය ඇත්තේ සහභාගී නොවන පාර්ශවයටම බවයි.

කෙසේවෙතත් 21 රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගී වන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...