නිශ්මං රණසිංහ නොවැම්බර් 03, කොළඹ LNW:
ඉන්දියානු සංස්කෘතියේ බොහෝ තැන් රැදී ඇත්තේ කාන්තාව දෙවන පුරවැසියෙකු සේ සළකන තැනකය.ක්‍රිකට්වලදී ද එය වෙනස් නොවිණ.එහෙත් හර්මන්ජිත් කොවුර් ට පෙර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුව මිතලි රාජ් ඉන්දීය කාන්තා ක්‍රිකට් ලෝකයට අභියෝග කළ හැකි මට්ටමට දක්ෂතාවලින් උසස් කරන්නටත්,ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට,ක්‍රිකට් පරිපාලනය දැක් වූ කුඩම්මාගේ සැළකිලි අවම කරන්නටත් සමත් වූවාය.ඒ සටන්කාමී නායකත්වය යටතේ කණ්ඩායමට බෙදන හැන්දේ වර්ගපලය වෙනස් වූවාම පමණක් නොවේය,කණ්ඩායමේ දක්ෂතා ද වෙනස් වන්නට විය.

මිතලි අවුරුදු 22 ට වැඩි කාලයක් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිය ශක්තිය වැය කළාය.ජාතික කණ්ඩායමට ක්‍රිඩා කරන ක්‍රීඩිකාවන්ට වෘත්තීය අගයක් ඇති කළාය.ඇතැම් අවස්ථාවකදී විවාහය තෙක් විනෝදාංශයක් ලෙස ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් සිටි සංස්කෘතිය ඇය වෙනස් කළේ විවාහයට වඩා ක්‍රිකට් පළමු කොට සිතන්නට ස්වාමි පාර්ශවයට ද එහි වටිනාකම අවබෝධ කර දෙමින්ය.
ඇය ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පවුලක් බවට පත් කළ මව වැනිය.අද ද ක්‍රීඩා කරන නායිකා හර්මන්ජිත් පමණක් නොව,ස්ම්‍රිතී,ෂෆාලි,දීප්ති වැනි බොහෝ දෙනෙක් ද ඒ මව්වත් ගුණය යට ක්‍රිකට් වෘත්තීය හැඩ ගස්වා ගත් අයය.හර්මන්ජිත් ද කණ්ඩායම තුළින් ඒ සෙවනැල්ල ඉවත් වෙන්නට නොඳුන්නාය.ඇය ද මිතලි මඟම ගත්තාය.සටන් කළාය.දැඩිව ඒ වෙනුවෙන් වෙහෙසුනාය.විටෙක් ඒ වෙනුවෙන්ම සඟයන්ට සැර වැර ද කළාය.එහෙත් ඒ සියල්ලටම වඩා ක්‍රීඩාවට ආදරයත්,සඟයන්ට ආදරයත් විශ්වාසයත් දුන්නාය,ඇති කළාය.
ඒ මිතලිගේ දර්ශනයය.ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හරියට ක්‍රීඩා කරන්නට ඇඳුමක් හෝ නොඳුන් යුගයක මිතලි ඒවා සම්පාදනය කර ගත්තා නොව එසේ නොදෙන්නට තීරණය කළ පාලකයන්ගේ රෙද්ද ද බුරුල් කළාය.එය නැවත තද කරන්නට ඉඩ නොතබා සිය සඟයින් එකතු කර ගෙන ක්‍රීඩාවෙන් ද පෙළහර පෑවාය.ඒ සියල්ලේ අස්වැන්න ඇයට නොවීය.එහෙත් කෙත අස්වද්දන කාර්යය සිඳු කලේ ඇයය.
ඉතිං ඒ අස්වැන්න ගෙන ඇයගේ දෝත මත තබා හර්මන්ජිත් ඇතුළු කණ්ඩායම ඓතිහාසික ලෝක කුසලාන ජයෙන් පසුව අමතක නොකළාය.මේ ජයග්‍රාහී ගමණට අවශ්‍යය මාර්ගය සකස් කිරීමේ පළමු පස් පිඬැල්ල කැපුණේ මිතලි අතින් බව මේ කණ්ඩායමම විශ්වාස කරනවා නොව අඳහන බව මේ ජායාරූපයේ ඔවුන්ගේ සිනහව තුළ තිබෙන කෘතවේදී ගෞරවය සහ ප්‍රීතිය කියා පාන්නේය.
ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රීඩාව සංස්කෘතිකමය වශයෙන් සමාජයට බලපාන්නේ ඉතා අඩුවෙන්ය.කලාව කරන බොහෝ දෙනෙක් ද,සාහිත්‍ය්‍ය කරන බොහෝ දෙනෙක් ද ක්‍රීඩාව භාවිතා කරන්නේ විනෝදාත්මක ආස්වාදය පිණිසය.එහෙත් ඉන්දියාව ඊට වෙනස්ය.ඒ නිසා මිතලි මේ ජයග්‍රාහී කුසලානය පසුපස කර ඇති වැඩ කොටස රැඳි ඉතිහාසය ඉන්දියාවෙ කෙල්ලො මාරයි කියන කාරණයට වඩා පුළුල්ව විඳ ගන්නටනම් ඔබ මිතලි රාජ්ගේ ඒ කැපවීම සැලෝලයිඩ් පටවලට මුසු කළ රූපමය කතන්දරය විඳින්නම ඇවසිය.
ඉන්දීය සමාජය කෙතරම් එවැනි කාරණා සඳහා සංවේදී ද යන්න දැන ගැනීමට හොඳම උදාහරණය මිතලි සමුගත් 2022 වසරේම Shabaash Mithu නම් වූ ඇය සම්බන්ධ සිනමා පටය ගොඩ නැඟීමය.මේ ජයග්‍රහණය ද එසේ සිනමාවට ගොඩ නැඟෙන්නට ඉන්දීය කලා සමාජය සහ සාහිත්‍ය සමාජය ක්‍රීඩාවට යා වී ඇත.බෙදී නැති සියල්ල ඉන්දීය වූ ඇසකින් බලන්නට සහ ජාත්‍යන්තර ප්‍රමිතිය ගැන තකන්නට හුරුවෙමින් ඇති බොහෝ විෂයන් ශ්‍රී ලංකාවට වඩා ඇත්තේ ගව් ගාණක් දුරින්ය.ක්‍රිඩාවට සහ කලාවට රිද්මයානුකූප කෙතරම් සමීපත්වයක් තියේද යන්න හෝ ක්‍රීඩාවේ ඇතැම් අංග එහි අනන්‍යතාවයට කෙතරම් වැදගත් ද යන්නවත් සමහර විට අපේ අලුත් පරම්පරාව කලාවෙන් සිහිත්‍යයෙන් පෝෂණය කරන්නට හදන නිර්නායක තනන්නන්ට අදාළත් නැත.විෂයන් දෙකටම අවංකව මැදිහත්වන්නේ කෙසේද යන්න නොදන්නා වපසරියක සිටින මෙය මරු වැඩක් මාර දිණුමක් කියා විශ්වාස කරන,අගය කරන විශ්මයට පත්වන පිරිස් මේ ජයග්‍රහණ සමාජයකට කෙතරම් වටින්නේද කියා විමසා බැලීමට මෙයින් මතු ඉන්දීය සාහිත්‍යයේ සහ කලාවේ හැසිරීම ගැන බලා සිටීම වැදගත්ය.
මිතලි පුරාවෘත්තයකි.ඒ මඟ ආ අලුත් පරපුරට ඇයව හදාරන්නට ඉඩ විවර කළ කලා කෘති සාහිත්‍ය කෘති නිසා මේ ජයග්‍රහණයේ ප්‍රායෝගික දායකත්වය දුන් තවත් බොහෝ අය ගැන කලා නිර්මාණ සාහිත්‍ය නිර්මාණ සැකසෙනු සැක නැත.