ගාසා නගරයේ වැටලීම අවසන්

Date:

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් හමුදාව විසින් හමාස් ත්‍රස්තවාදීන් විනාශ කිරීම හා ප්‍රාණ ඇපකරුවන් රැගෙන ඒම අරමුනුකරගෙන හමාස් ත්‍රස්ත සංවිධානයේ කේන්ද්‍රස්ථානය වන ගාසා නගරය වටලෑම සම්පූර්ණ කළ බව ඊශ්‍රායල් ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශක ඩැනියෙල් හගාරි නිවේදනය කර තිබේ.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් ගාසා නගරය වටකර ඉදිරියට යමින් සිටින බවත්, ජාත්‍යන්තර බලපෑම් නොතකා සටන අවසන් වන තුරු සටන් විරාමයක් නොමැති බවත්ය.

මේ වන විට ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් දරුවන් 3,700කට අධික ප්‍රමාණයක් ඇතුළුව මරණ 9,061ක් පලස්තීන සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. ගාසා තීරයේ දිනකට සාමාන්‍යයෙන් පලස්තීන දරුවන් 420ක් මියගොස් හෝ තුවාල ලබා ඇති අතර ගත වූ සති තුනක කාලය තුළ ගාසාහි මියගිය දරුවන් සංඛ්‍යාව 2019 සිට ලෝකයේ ගැටුම් හේතුවෙන් මිය ගිය ළමුන්ගේ සංඛ්‍යාව අභිබවා තිබේ.

මියගිය අය අතර වයස අවුරුදු එකකට අඩු ළදරුවන් 133 ක්, අවුරුදු 1-3 අතර දරුවන් 482 දෙනෙක්ද, අවුරුදු 4-5 වයස්වල දරුවන් 344ක්ද, අවුරුදු 6-12 ප්‍රාථමික පාසල් ළමුන් 1,042, අවුරුදු 13-17 උසස් පාසල් ළමුන් 664 ලෙස වාර්තා වේ. මිට අමතරව තුවාල ලැබූ දරුවන් සංඛ්‍යාව 6,360ක් ලෙස වාර්තා වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, ගාසා තීරය දැන් දරුවන් දහස් ගණනකගේ සොහොන් පිටියක්ව ඇති බවයි.

ඊශ්‍රායලයේ වටලෑම යටතේ ආහාර, ජලය සහ ඉන්ධන අඩුවෙමින් පවතින අතර, අධික ලෙස පිරී ඇති රෝහල් ඒවා කඩා වැටීමේ අද්දර සිටින බවට අනතුරු අඟවා තිබේ. මේවන විට ඊශ්‍රායලය රෆා හරස් මාර්ගය හරහා ආහාර සහ ඖෂධ ප්‍රවාහනය කරන ට්‍රක් රථ 260 කට වැඩි ප්‍රමාණයකට ඉඩ දී ඇති නමුත් සහන සේවකයින් පවසන්නේ එය ප්‍රමාණවත් නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිතාගන්න බැරි අයට නඩු වැටෙන්න පටන් අරන් තියෙනවා. නඩු පෝලිමක් එනවා – ඇමති නාමල්

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂයේ දේශපාලනඥයින් 40 කට වැඩි ප්‍රමාණයකට...

මාලිමා ප්‍රපංචයේ හැකියාවන් සහ නොහැකියාවන් ….

රට බංකොලොත් වෙන්ට බලපාපු එකම හේතුව දේශපාලන තන්ත්‍රය විසින්...

කීරි සම්බා හිඟයක්. ආදේශක සහල් පිටරටින් ගෙන්වීමට නිර්දේශ කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ...