වෛද්‍ය වැඩවර්ජන මාලාවේ දෙවැනි දිනය අද

Date:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇති, පළාත් මට්ටමින් සිදුකෙරෙන වැඩවර්ජන මාලාවේ දෙවැනි දිනය වශයෙන් අද (03) උතුරු පළාතේ රජයේ රෝහල්වල වෛද්‍ය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩවර්ජන මාලාව ඊයේ දිනයේ සිට ආරම්භ වුණු අතර එහි පළමුවැන්න ක්‍රියාත්මක වුණේ ඌව පළාතේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ දිනයේදී ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායන කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වී තිබිණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර ඇත්තේ සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම යම් මට්ටමකින් හෝ සමනය කිරීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය අපොහොසත් වීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...