පුනරුද යුගයක් වෙනුවෙන් ජාති,ආගම් භේද නොසලකා එකමුතු වෙන්න – අම්භිකා සැමුවෙල්

Date:

කොළඹ LNW:සමාජ,සංස්කෘතික,ආර්ථික යන සෑම අතකින්ම රට පරිවර්තනය කිරීමට නොවැම්බර් 14 වැනිදා ජාති,ආගම් භේද නොසලකා එකමුතු විය යුතු බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා අම්භිකා සැමුවෙල් මෙනෙවිය අවධාරණය කරයි.

වසර 76ක් පුරා පාලනය කළ පාලකයින් ජාතිවාදය,ආගම්භේදය පතුරුවමින් පාලනය ගෙන ගිය අතර තවදුරටත් ජනතාව දුප්පතුන් ලෙස සිටින බවයි ඇය සඳහන් කළේ.

” මගේ දෙමව්පියනි,සහෝදර සහෝදරියනි,අපි ජය අරගෙන තිබෙනවා. ඒ ජය කරන කොටගෙන අපි එකමුතුව අපේ සියලු ජාතීන් සිංහල,දෙමළ,මුස්ලිම් සියලු ජාතීන් ඒවගේම සියලු ආගම්වල සියලු දෙනාද එකමුතුවෙලා අපි එකම පරමාර්ථයෙන් අපේ රට ගොඩනගන ඒ ශ්‍රමදනයට අපි එකමුතුවෙමු කියන පණිවිඩය තමයි මම ඔබ සියලු දෙනාට දෙන්නේ. අවුරුදු 76ක් තිස්සේ අපිව පාලනය කරපු පාලකයින් අපිව වෙන්කරමින් ජාතිවාදය ඒ වගේම ආගම භේදය පතුරුවමින් අපේ දේශය පාලනය කළා. අපව තාමත් දිළිඳුභාවයට පත්කර තිබෙනවා.. එය අවසන් කරමින් ජාතික ජන බලවේගයේ සෙවණට අපි ඔක්කොම එකතුවෙලා අපි රට ගොඩනගන්න යන්නේ අපි එකමුතුභාවයෙන්. ඒ එකමුතුභාවයේ බලය අපි පෙන්වන්න යන්නේ නොවැම්බර් 14 වැනිදා. ඒ නිසා මගේ දෙමව්පියනි, මගේ සහෝදර සහෝදරියනි අපිට ලොකු වගකීමක් තියෙනවා. මේ දේශපාලනය පරිවර්තනය කරන කොටගෙන අපේ සමාජය,සංස්කෘතික, ඒවගේම ආර්ථික ලෙස සියලු ආකාරයෙන්ම පරිවර්තනයට යොමුකරමින් නව පුනරුදයකට අපි පාතබන්න වෙනවා. ඒකට අපි ඔක්කොම එකමුතු විය යුතුයි. ඒ වගේම අපේ රට ගොඩනගන්න නිෂ්පාදන ආර්ථිකයට අත්වැල් බැඳ ගනිමින් ඒක ගොඩනගමින් අපේ රට ඉතා ඉක්මණින්ම ගොඩනගමු කියන පණිවිඩය මම කියා තබනවා.” යනුවෙන් ඇය තවදුරටත් අවධාරණය කළාය.

ඇය මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (03) ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මහජන රැළිය අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...