ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා වැඩ භාරගනී!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ (LNW):

අද (04 ) දින ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අභිනව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ වැඩ භාර ගත් බව වාර්තා වේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා ඇතුළු එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටි බව පැවසේ.

වසර 37 ක් පුරා සුනිල් ජයරත්න මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස සේවය කර තිබෙන අතර, ඔහු වසර තුන හමාරක කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළ බවද වාර්තා වේ.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයේ රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක්ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...

ඇමෙරිකාව දිනුවාට යුරෝපයේ ශක්තිය පෙන්නූ තරගයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...