සටහන – රුවන් නෙළුගොල්ල
මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා යොදාගන්න කුඹුරු ඉඩම් ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් බවත් අලුතින් කුඹුරු ඉඩම්වල වී වගා කිරීම අනවශ්‍ය බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
“අපේ වසන්ත සමරසිංහ ඇමතිතුමායි මායි දෙන්නාව මූලිකයො බවට පත්කරලා ජනාධිපතිතුමා හදපු කමිටුවක් තියෙනවා. ඒ කමිටුවෙ වගකීම තමයි සහල් ඇද්ද, දැන් මදිද, එළවලු සම්බන්ධ ප්‍රශ්නය, කිරි, මස් මාළු, අපේ නිෂ්පාදනය මදියි කියලා යමක් අපට පේනවා නම් අපි එතනින් තීරණය කරනවා මෙන්න මේ දේවල් මෙච්චර ප්‍රමාණයක් පිටරටින් රැගෙන ආ යුතුයි කියලා. දැන් ඇත්තටම ගත්තොත් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති. දැන් ඕනෙ කරලා තියෙන්නේ අපේ කුඹුරුවල අස්වැන්න වැඩිකිරීම. දිගට දිගට අලුත් අලුත් කුඹුරු හොය හොය වගා කර කර යන්න ඕනෙ නෑ. ඉතින් අපිට ඕනෙ කාලා, බීලා, ඇඳලා, නටලා, හිනාවෙලා, තමන්ගෙ ජීවිතේ අනෙකුත් කටයුතු හොඳින් කරගෙන – තවත් එකක් තියෙනවා මං ඒක කියන්නෙ නෑ – ඉතාම හොඳින් සතුටින් ජීවත් වෙන්න තමයි අපිට ඕනෙ”
අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ පෙරේදා (02) මඩකලපුව නවගිරි ආරු ප්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමිනි.
