රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ විශේෂ මෙහෙයුමෙන් ඊයේ දිනයේ (03) පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 638 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 28,389 දෙනෙකු පරීක්ෂා කර ඇත.

අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හදුනාගත් 22 දෙනෙකු මෙන්ම ව‍රෙන්තුකරුවන් 209 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය නිවේදනය කරන්නේ.

එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 137ක් වන අතර බීමත් රියදුරන් 17 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4271 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...