Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් මාළු ව්‍යාපාරිකයකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

අද උදෑසන 10.30 ට පමණ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්වය බරපතළ බවත් වාර්තා විය.

මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි 54 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...