Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන – රුවන් නෙළුගොල්ල

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් මාළු ව්‍යාපාරිකයකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

අද උදෑසන 10.30 ට පමණ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්වය බරපතළ බවත් වාර්තා විය.

මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි 54 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...