වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනපති හමුවෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW:

අද (04) පෙරවරුවේ , නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව ඇත.

එහිදී, රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කළ උන්වහන්සේ ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට වතිකානුවේ සහාය හිමි වන බවද ප්‍රකාශ කළ බව පැවසේ.

ශ්‍රී ලංකාව සහ වතිකානුව අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙරටට බොහෝ ප්‍රතිලාභ අත්කර දී ඇති බවත්, එය අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව, රට තුළ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීමෙහිදීද ඉතා වැදගත් වූ බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර ඒ වෙනුවෙන් කෘතඥතාව පළ කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...