සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ හිමාල කඳු මුදුනක හිම කඩා වැටීමෙන් විදේශිකයන් පස් දෙනෙකු සහ නේපාල ජාතිකයන් දෙදෙනෙකු ඇතුළුව අවම වශයෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
මියගිය අය අතර ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු, කැනේඩියානු ජාතිකයෙකු, ජර්මානු ජාතිකයෙකු, ප්‍රංශ ජාතිකයෙකු ඇති බව විශ්වාස කරන අතර ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති අතර, පස් දෙනාගේ සිරුරු හිම යට අඩි 10-15ක් පහළින් හිමෙන් වැළලී ඇති බවට විශ්වාස කෙරේ,
තවත් අට දෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගේ තුවාල සඳහා ප්‍රතිකාර ලබමින් කත්මණ්ඩු අගනුවරට යවා ඇත.අයහපත් කාලගුණය සහ සැපයුම් ගැටළු හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල ව ඇති අතර හෙලිකොප්ටර් පියාසර කිරීමට හෝ පයින් එම ස්ථානයට ළඟා වීමට අපහසු වී ඇත.
සරත් සමය නේපාලයේ කඳු නගින්නන් අතර ජනප්‍රිය සමයක් වන මුත්,දරුණු කාලගුණය සහ හිම කුණාටු ඇතිවීමේ අවදානම් පවතී.