රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය වෙයි!

කොළඹ LNW:කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්යේ අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සංචාරක ආකර්ෂණය දිනාගත් රිදී විහාරය එහි පෞරාණික වටිනාකම් රැකගනිමින් ජාත්‍යන්තර බෞද්ධ සහ අධ්‍යාත්මික සුවතා ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. එමගින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ .
මසකට 5000ක පමණ විදේශීය සංචාරකයන් පිරිසක් මෙම විහාරස්ථානය මූලික කරගනිමින් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇති අතර එමගින් මෙරට ඉදිරි සංචාරක ඉලක්ක සපුරා ගැනීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි සාකච්ඡාවට ලක් විය.

යෝගී භාවනා වැඩසටහන් ඇතුළු ආධ්‍යාත්මික වැඩසටහන් තුළින් මෙම විහාරස්ථානය ජාත්‍යන්තර අවධානය දිනාගත හැකි ස්ථානයක් බවට, පත් කළ හැකි බව මෙහිදී අවධාරණය කෙරිණි.

කාබන්වලින් තොර කලාපයක් ලෙස, මෙම විහාරස්ථානය සහ අවට පරිසරය පවත්වාගෙන යමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එම ඉලක්කය සහිතව රථවාහන ධාවනය, අවන්හල් පවත්වාගෙන යාම ආදි කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.

මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියන් දැනුවත් කිරීම සහ පුහුණු කිරිම පිළිබඳවද වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබිණ.

රිදී විහාරය සහ අවට සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සහ අනෙකුත් සංවර්ධන කටයුතු විධිමත් සැලැස්මකට අනුව සිදු කිරීම පිළිබඳවද සාකච්ඡා විය.‍

මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය සහ ඒ යටතේ වන ආයතන, නාගරික සංවර්ධන අධිකාරිය, වයඹ පළාත් සංචාරක සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර ගත යුතු බවද මෙහිදී අවධාරණය කරන ලදී.

රිදී විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය රිදීගම වනරතන හිමිපාණන් වහන්සේද, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.එම්. අස්ලම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ඩබ්. කේ. ඒ. සී. ඥානපාල, මහාචාර්ය මොහම්මදු හලිම් මොහම්දු අස්ලම්, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මංජුල විරක්කොඩි, සහකාර අධ්‍යක්ෂ චන්දිම ගමගේ, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ සැලසුම් (වයඹ පළාත් ) ප්‍රියානි නවරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ සංචාරකක්ෂේත්‍රයට අදාළ පෞද්ගලික ආයතනවල නියෝජිතයෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TIN අංකය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:TIN අංකය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රචාරය...

රුපියල් මිලියන 23,000ක ප්‍රතිපාදන සමඟ ව්‍යාපෘති 15,554ක් – ”ප්‍රජා ශක්ති” ප්‍රගති වාර්තාව මෙන්න!

කොළඹ LNW:වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ...

ඉන්ධන සහනය සහ අස්වැසුම ප්‍රතිලාභීන් වෙත අතිරේක සහන දෙන්න බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම...

ශ්‍රී ලංකාවේදී 1,000cc ට වැඩි යතුරුපැදි ධාවනය ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: 1000cc (කියුබික් සෙන්ටිමීටර) ඉක්මවන...