අභිනව අටමස්ථානාධිපති නායක පදවියට පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පත්වෙති.

Date:

තිසර සමල් – අනුරාධපුර: අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ ලෙස රුවන් වැලි සෑය චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ පත්කිරීම ට අටමස්ථාන කාරක සභාව තීරණය කර ඇත. අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා රැස්වූ එම කාරක සභාවේ ඒකමතික තීරණය අනුව මෙම පත්කිරීම සිදුකෙරිණි.

අටමස්ථානාධිපති උතුරු මැද දිශාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ පසුගිය 18 වැනිදා අපවත් වූ නිසා අටමස්ථානාධිපති ධුරය පුරප්පාඩු විය. ඒ අනුව අභිනව පත්කිරීම යටතේ හේමරතන නා හිමියන් ලබන 11 වනදා පෙරවරුවේ නිල වශයෙන් අටමස්ථානාධිපති ධුරයේ කටයුුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව උන්වහන්සේ අද (03) බෝ මළුව විහාරයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී පැවසූහ.

හේමරතන ස්වාමීන්වහන්සේ උපත ලැබූයේ 1954 ජුනි 15 වනදා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම දී ය. මූලික අධ්‍යාපනය ලැබූ යේ මාතලේ බුලාගල ප්‍රාථමික විද්‍යාලය , පැල්වෙහෙර විද්‍යාලය හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් වලිනි. 1968 මැයි 09 වනදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවිදි දිවියට ඇතුලත් වූහ. 1975 ජුනි 05 වනදා මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදාව ලැබූ උන්වහන්සේ අනුරාධපුර මහා විහාර පිරිවෙණ , කොලඹ මාලිගාකන්ද විද්‍යා්දය යන පිරිවෙන් වලින් පැවිදි අධ්‍යාපනය ලබා ඇත. ඉන් පසුව කැලණිය විශ්වවිද්‍යාලටය ඇතුලත්ව පුරාවිද්‍යාව පිළිබදව විශේෂවේදී උපාධිය සමත්ව ඇත. 1977 සිට 88 දක්වා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ තේවා කටයුතු භාරව කටයුතු කිරීම , 1982 සිට 97 දක්වා මහා විහාර පිරිවෙනෙහි ආචාර්යවරයෙකු හා පරිවේණාධිපති වහන්සේ ලෙස කටයුතු කිරීම , 1988 සිට ජේතවනාරාම විහාරාධිකාරී ලෙස කටයුතු කිරීම , 1995 වසරේ දී නුවරකලාවිය උප ප්‍රධාන සංඝනායක පදවිය ලැබීම , 1995 සිට අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වය දැරීම , 1997 දී රුවන් වැලි මහා සෑයේ විහාරාධිකාරී ධුරයට හා නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පදවියට පත්වීම යන පදවින් හි නිරතව තිබේ.

හේමරතන නා හිමියන් අටමස්ථානාධිපති නාහිමිපාණන් ලෙස පත්වීම් ලැබූයේ 2022 ඔක්තෝබර් 25 වන දින සිටයි .උන්වහන්සේ 11 වැනි අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...