ගාසාහි ගිලන් රථ පෙළකට ප්‍රහාර; 15 දෙනෙකු මිය යයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ගාසා නගරයේ ගිලන් රථ පෙළකට හා අවතැන් වූ සිවිල් වැසියන් සහ දකුණෙන් ඉවත් වන පුද්ගලයින් සිටින පාසලකට සිකුරාදා එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගිය බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව සමස්තයක් ලෙස ඔක්‌තෝබර් 7 වැනිදා ඊශ්‍රායල එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1,400කත අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල විසින් ගාසා තිරයට එල්ල කරන ලද ප්‍රහාර වලින් දරුවන් 3,760 ක් ඇතුළුව 9,227ක්‌ මිය ගොස්‌ තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මානුෂිය සටන් විරාමයක් ඉල්ලා ඇති මුත් එය හමාස් සංවිධානයට නැවත සංවිධානය වීමට සහ නැවත සැපයීමට ඉඩ දෙනු ඇතැයි ප්‍රකාශ කරන ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරන්නේ, හමාස් භාරයේ සිටින 200ක් ඉක්මවන ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් සටන් විරාම පිළිඹඳ සාකච්ජා ඇති නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...