දාරලුව පඬු කරඳ ගසේ නඩුව ඉල්ලා අස් කර ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දා නඩු මඟට බැසීමට තරම් ආන්දෝලනයකට තුඩු දුන් , දාරලුව පඬු කරඳ ගස රහසිගත ව කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ නඩුව එහි පැමිණිලිකරුවන් විසින් ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වේ.

මෙම නඩුව පවරා තිබුණේ , පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ උඩස්ගිරියේ සමිත හිමියන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිවේගී මාර්ගයේ නිලධාරීන් විසින් වන අතර , අතිරේක මහෙස්ත්‍රාත් ෆාතිමා මෆ්පි මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශ්වය විසින් නඩුව ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වේ.

එහි දී අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා පවසා සිටියේ, පැමිණිලිකරුවන් විසින් නඩුව ඉල්ලා අස්කර ගැනීම පුදුම සහගත බවත් ඉදිරියේ දී අදාළ නිලධාරීන්ට එරෙහි ව නීතිමය පියවර ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි

කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම...

Cinnamon Life at City of Dreams සමඟ What’s Your Colombo?

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා නිර්මාණ...

එප්පාවල හෙරොයින් ජාවාරම : මාලිමා මන්ත්‍රිනියගේ සැමියාව රඳවාගෙන ප්‍රශ්න කරයි

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක්...

ලෝකයේ බලගතු කාන්තාවන් අතර ගෝලීය සම්මානලාභිනියක් ලෙස පිළිගැනීමට ලක් වූ Sarrah Sammoon..

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ව්‍යවසායිකාවක් සහ ගෝලීය...