නිශ්මං රණසිංහ නොවැම්බර් 05, කොළඹ LNW:
ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු වන ප්‍රසන්න ජයවීර සිය සටන් කලා ජීවිතයට පනස් වසරක් සැපිරීම වෙනුවෙන් අද (නොවැම්බර් 05) කොළඹ රෝයල් ඇරීනා හී දී විශේෂ උත්සවයක් පවත්වයි.දෙස් විදෙස් ආරාධිතයින් එක්වන මේ උත්සවය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ ප්‍රසන්න ජයවීර පැවසුවේ ඔහුට කේෂ්ත්‍රය තුළ පස මිතුරන් මිස සතුරන් නැති බවයි.

වින්සන්ට් පෙරේරා අමාත්‍යවරයාව සිටින අවධියේ වුෂු ක්‍රීඩාව ඔහු මේ රටේ ලියාපදිංචි ක්‍රීඩාවක් බවට පත් කර ව්‍යාප්ත කිරිම ඇරඹු බව ප්‍රකාශ කළ ප්‍රසන්නයන්,එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දැරූ සුනිල් ජයවීරගේ ආශිර්වාදය සහ එකතාවය මත පාසල් ක්‍රීඩාවක් ලෙස ද හොකි පාසල් කේෂ්ත්‍රයට විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස එක් කරන්නට හැකි වූ බව ද ප්‍රතාශ කළේය.

තමන්ට අවුරදු 19 ක් වෙද්දී කරාටේ ක්‍රීඩාවේ විශාල දැණුමක් සිය සටන් කලා ගුරුවරුන් හරහා ලබා ගන්නට හැකිව තිබු බව පෙන්වා දුන් ප්‍රසන්න වූෂු ක්‍රීඩාවේ දිගු හැදෑරීමක් සඳහා චීනයට යන්නට තමන්ට අවස්ථාව ලැබුණ බව ප්‍රකාශ කළේය.මවත් පියාත් දෙදෙනාම අධිකරණ විනිසුරුවන් වීම නිසා තමන්ට හොඳ ආර්ථිකයක් සහිත පවුලක සාමාජිකයෙක් වීමට ලැබිමත්,බැම්මෙන් එපිට මෙපිට වෙන්වන චීන තානාපති කාර්යාලය සහ ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ පන්සලට තිබුණ සම්බන්ධතාවය හරහා උන් වහන්සේ එදා සිට අද දක්වාම තමන්ට කරන උපකාරත් පදනම් කරගෙන චීන ගමණ සාර්ථක කර ගන්නට අපහසුවක් නොවුණ බව ප්‍රසන්නයන් පැහැදිළි කළේය.

තමන්ගේ නායකත්වයෙන් තමන් ඇසුරේම සිටි පිතුරන් පස මිතුරන් වී වුෂූ සංගමයේ යම් බෙදීමක් බිදීමක් ඇති වුව ද,ඒ කිසිවෙකු තමන් සතුරන් ලෙස නොසළකන බවත් පස මිතුරන් පමණක් බවත් පැහැදිළි කළ ප්‍රසන්න,අද ද තමා ශ්‍රී ලංකා වූෂු සම්මේලනය සමඟ සම්බන්ඡව සිටින බව පැහැදිළි කළේය.මේ වන විට ක්‍රීඩාවේ ඉහළ අත්දැකීම් නැති අයට මූල්‍යයමය තත්ත්වය පදනම් කරගෙන විනිසුරුවන් වීම සඳහා වන විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලැබී ඇති බවත්,එය යම් කාලයක් අත්දැකීම් සහිත පිරිසක් වීම දක්වා සැළකිල්ලට ගත හැකිනම් තරගවලදී කතාබහට ලක්වන අසාධාරණකම් බොහෝ සේ සීමා කර ගන්නට හැකි බවත් පැහැදිළි කළ ප්‍රසන්න අත්දැකීම් අඩු අය දහ ක්‍රීඩාවේ ප්‍රවීනයන් වෙන්ව සිටීම විශාල ගැටළුවක් බව පෙන්වා දුන්නේය.

.මාට පසුව බලය අතට ගත් මානෙල් ධර්මකීර්ති ද දක්ෂයෙකු බවත්,ඔහු පුද්ගලයන් සමඟ කතා කර බොහෝ දේ දිනා දී ඇති බවත් ප්‍රසන්න පැහැදිළි කළේය.චීනය හරහා .මාට ශ්‍රී ලංකාවේ වුෂු ක්‍රීඩාවට විශාල දේ අත් පත් කර දෙන්නට හැකි ව බවත්,මානෙල් ද ඒ ආකාරයෙන්ම කටයුතු කර ඇති බවත් පෙන්වා දුන් ප්‍රසන්න බොහෝ ගැටළුවලට හේතුව ඔහු වටා දැණුම සහ අත්දැකීම් අඩු පිරිසක් තීරණ ගැනීමට සිටීම බව ද පැහැදිළි කළේය.පාසල් වුෂු සහ ජාතික වුෂූ සම්මේලන අතර තිබෙන දුරස්ථභාවය ද,නිරන්තරයෙන් ඇති ගැටළුකාරී තත්ත්වයන් ද වෙනස් විය යුතු බව පෙන්වා දුන් ප්‍රසන්න ජයවීර එක තැනකට සියල්ල ගොනු වීමේ අවශ්‍යයතාවයද පැහැදිළි කර දුන්නේය.

ශ්‍රී ලංකා වුෂූ ක්‍රීඩාවේ පියා ලෙස බොහෝ තැන් හී ඉහළින්ම ඇගයෙන ප්‍රසන්න GTWKF හි සභාපති සහ දකුණු ආසියානු නියෝජිත – (ගෝලීය සාම්ප්‍රදායික වින්ග් චුන් කුං ෆු සම්මේලනය) ලෙස ද සැළකෙන්නේය.ඔහු සමඟ මෙම මාධ්‍ය හමුවට…
මාස්ටර් ඇන්ඩෲ චුං: GTWKF හි සභාපති
ඩොන් ටිරාන් තක්ෂලා: GTWKF හි මහලේකම් සහ මැද පෙරදිග සම නියෝජිත / චින් වූ වුෂු සංගමයේ මැද පෙරදිග ලේකම් / ජාත්‍යන්තර කටයුතු සහ සංවර්ධන ශ්‍රී ලංකා වූෂු සහ චින් වූ සංගමයේ අධ්‍යක්ෂ / මැද පෙරදිග බොක්සිං කොමිසම සහ ලෝක බොක්සිං කවුන්සිලය / වෘත්තීය බොක්සිං රෙෆරි සහ විනිසුරු
සේලම් හම්දාන් අල් අමෙරි: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති උපදේශක / උප සභාපති සහ මධ්‍යම නැගෙනහිර නියෝජිත – GTWKF / මධ්‍යම නැගෙනහිර සභාපති – චින් වූ වුෂු සංගමය
SIFU සජිත් ජයවීර: තාක්ෂණික කමිටු අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා උප සභාපති – GTWKF / ඩුබායි ශ්‍රී ලංකා නියෝජිත – COBRA KAI යෝග්‍යතාවය / ශ්‍රී ලංකා නියෝජිත – හවායි MMA සම්මේලනය ඇමරිකා එක්සත් ජනපදය සහ ස්ටාර් එලයිට් සටන් සංගමය
ඇන්ඩෲ ගාර්ෂියා: සංගමයේ සභාපති – හවායි USA MMA සංගමය / සභාපති – ස්ටාර් කේජ් සටන් ශූරතාව ඇමරිකා එක්සත් ජනපදය ලෙස දෙස් විදෙස් සහභාගීත්වයක් දක්නට ලැබිණ.
සේලම් හම්දාන් අල් අමෙරි මෙන්ම ඇන්ඩෲ ගාර්ෂියා යන දෙදෙනාම මෙහිදී ශ්‍රී ලංකාවේ සටන්කලා සූරයන්ට ජාත්‍යන්තරයේ ඇති වෘත්තිමය ඉඩ පුළුල් කර දීම සහ පහසුකම් ඇති කිරීම සම්බන්ධයෙන් දිය හැකි දායකත්වය ගැන කරුණු පැහැදිළි කළහ.සජිත් ජයවිර මෙන්ම ටිරාන් තක්ෂිල ද මෙහිදී එම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වුෂු ක්‍රීඩාවේ ප්‍රගතියට දායකවන අතරේම මිශ්‍ර සටන් කලාව තුළ වෘත්තිමය ක්‍රීඩකයන් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ගේ තත්ත්වය උසස් කරන්නටත් දායකත්වය දිය හැකි පසුබිමක් සකස් කිරීම ගැන ද සාකච්ඡාවට ලක් විය.
මෙහිදී ඇන්ඩෲ චුං, GTWKF හි සභාපති ලෙස මෙම අවස්ථාවට එක්විම සුවිශේෂය.ඔහු මෙන්ම ඉහතින් නම් සඳහන් කළ සේලම් හම්දාන් මෙන්ම ඇන්ඩෘ ගාර්ෂියා ද පළමු වරට දකුණු ආසියාතික රටකට පය තැබීම සිඳු කරන්නේ ප්‍රසන්න ජයවීරයන්ගේ පනස්වන වූෂු ජන්ම දින සැමරුමට වන අතර ඇන්ඩෘ චුං ගේ පියා වන විලියම් චුං ප්‍රසන්න ජයවීරයන්ගේ ගුරුවරයා වීම ද මෙහිදී විශේෂ අවධානයට ලක් විය.
මෙහිදී ඇන්ඩෘ චුං සිය පියා සතු ප්‍රසන්න සම්බන්ධ ප්‍රසන්න මතකයන් මේ අවස්ථාවට මුල් තැන දී ශ්‍රී ලංකාවට පැමිණිමට හේතු වූ බව පෙන්වා දුන් අතර සිය පියාගේ හඳුන්වා දීම මත අසහාය සටන්කලා සූර බෘස්ලි යිප් මෑන්ගේ ගෝලයෙකු වූ බවද සඳහන් කළේය.
අද සවස සංදර්ශනාත්මක සටන් භූමියක් බවට රෝයල් ඇරීනාව පත් කරන අතරම ප්‍රසන්නගේ වූෂූ ජීවිතය ප්‍රසන්න කිරීමට දායක වූ සහ වන දෙස් විදෙස් ප්‍රසන්න හිතැත්තෝ සම්මානනීය වන සන්ධ්‍යාවක් ද වනු ඇත.වසර පනහක් යනු එක් පරිච්ඡේදයක් නොවන්නේය.එහි පරිච්ඡේද ගණනාවක් ඇත.ඉතිහාසය ලියා තැබෙන විට එහි එක ඡේදයක්වත් ඉවත් නොකෙරුණහොත් වුෂු ඉතිහාසයේ අනාගත වෙළුම පැහැදිළි වනු ඇත.
