කන්ටේනර් 323 නිදහස් කළේ ආණ්ඩුව නෙවෙයි රේගු නිලධාරීන්. අපේ කවුරුවත් වගකීම ගන්නවා කිව්වේ නෑ – මන්ත්‍රී උපුල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රශ්නගත බහාලුම් 323 නිදහස් කිරීමට ආණ්ඩුවේ කිසිවකු නියෝග කර නොමැති බවත් එය ඒ මොහොතේ පැවති තදබදය මඟහැරවීම සඳහා රේගු නිලධාරීන් විසින් පුරුද්දක් වශයෙන් කරන ලද ක්‍රියා පටිපාටියක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතා පවසයි.

“ඔය කන්ටේනර් 323ක් ගැන චෝදනා කරන අයගේ ස්වභාවය බලපුවාම මේ රටේ ජනතාවට අපට ගොඩාක් කරුණු කියන්න ඕනෙ නෑ. විශේෂයෙන්ම මට කියන්න තියෙන්නෙ අපෙ ජනාධිපතිවරයා බලයට පත්වෙන්නෙ 2024 සැප්තැම්බර් 21. අපි ආණ්ඩුව බලයට පත්වෙන්නෙ නොවැම්බර් 21. පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14, අපි පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නෙ 21. ඔය කන්ටේනර් මුදාහැරීම සිද්ධ වෙන්නෙ දෙසැම්බර් 30. එතකොට මේ කාලය ඇතුළත මේ කන්ටේනර් අපි ගෙන්නපුවාවත් අපෙ ආණ්ඩුව ගෙන්නපුවාවත් අපෙ කතාවකුත් නෙවෙයි. මේ රාජ්‍ය බලය හුවමාරු වෙලා මේ සියලු ආයතනවල කටයුතු කළේ කලින් ආණ්ඩුවල අයගේ මේගොල්ලො ගහපුවා, මේගොල්ලො LC ඕපන් කරලා ආනයනය කරපුවා තමයි මේ. අපිට කන්ටේනර් එකක බඩු එනවාද එක රැයින් ? නෑ … මේ ඔක්කොම ක්‍රියාත්මක වුණේ මේගොල්ලොන්ගෙ කාලෙ. දැන් බන්ධනාගාර කොමසාරිස් හිරේ, පොලිස්පති ගෙදර. මේ හැම ආයතනයකම මුළු රාජ්‍ය යාන්ත්‍රණයම මේගොල්ලො ගිළගෙන හිටියෙ. එතකොට අපි කියන්නෙ මේ කන්ටේනර් අපි ආවාට පස්සෙ – අපෙ නියෝජ්‍ය ඇමතිතුමා පැහැදිලිවම කිව්වා අපි මේ ආණ්ඩුව ඇවිල්ලා අපි කන්ටේනර් පාලනය කරන්න ගියෙත් නෑ, අපි මේවා නිදහස් කරන්න කිව්වෙත් නෑ. මේවා මේ ආයතන ක්‍රියාවලිය ඇතුළෙ ආපු එකක්”

ප්‍රශ්නය – බිමල් රත්නායක ඇමතිවරයා පිළිගත්තා එයා තදබදය ඉවත් කරන්න පත් කරපු කමිටුවේ ප්‍රධානියා විදියට නියෝගයක් දුන්නා කියලා මේවා නිදහස් කරන්න. දැන් ඔබ කියනවා එහෙම නියෝගයක් දුන්නෙ නෑ කියලා. එතකොට ඇත්ත කියන්නෙ කවුද ? වරාය නියෝජ්‍ය ඇමතිවරයා කිව්වා ඔහු වගකීම භාරගන්නවා කියලා මේකෙ මොනවාහරි තිබුණොත් ?

“නෑ, නෑ. එහෙම ඔබතුමා කියන වචනවල වලංගුභාවය මේ රටේ මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ. බිමල් ඇමතිතුමා ඔහොම එකක් පාර්ලිමේන්තුවේ කොයි වෙලාවකවත් අපිටවත් කිව්වෙ නෑ. එතුමාට නියෝග දෙන්න බලයකුත් නෑ. එතුමා කිව්වෙ එතුමා සභානායකවරයා, එතුමා වරාය භාර ඇමති. වරායේ විෂයයක් නෙවෙයි ඒක. රේගුව භාර ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරයා හැටියට. මේ ප්‍රැක්ටිස් එකක් හැටියට යම් තදබදයක් ඇතිවුණාම රේගුවෙ ඒගොල්ලො කන්ටේනර් නිදහස් කිරීම කරලා තියෙනවා. මේ 13වෙනි වතාව තමයි මේ කන්ටේනර් නිදහස් කිරීම කරලා තියෙන්නෙ. අපි කල්පනා කළා, අපි ඒ වෙලාවෙ හිතුවා වරායෙන් එළියට බාන බහාලුම් කොළඹ නගරයේ හිරවෙලා, පාරවල් තදබද වෙලා, මිනිස්සු සති ගණන් වැටිලා ඉන්නවා, ඉතින් මේක නිදහස් කරන්න සද්භාවයෙන් කරපු ක්‍රියාවක් හැටියට තමා අපි විශ්වාස කළේ. ඊටපස්සෙ ජනාධිපතිතුමා වහාම මේ ගැන කමිටුවක් පත්කරලා දැන් වාර්තාව සීඅයිඩී එකට බාරදීලා තියෙනවා. සීඅයිඩී එක මේ පිළිබඳ පරීක්ෂණ කරලා සම්පූර්ණ ආණ්ඩුව දීලා තියෙනවා නියෝගයක් මේ පිළිබඳ වැරදිකරුවන් ඉන්නවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඔබතුමන්ලා කලබල වෙන්න එපා. අපි මේ රටේ ජනතාවට අබමල් රේණුවක තක්කඩිකමක් කරන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. මේ රටේ පිළිම ගිළපු මිනිස්සු අග්ගලාව අපි ගිල්ලායි කියනවා. අපි අග්ගලා ගිළපු මිනිස්සු නෙවෙයි”

පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව...

වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් වෛද්‍ය සමන් රංජිත්...

තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : කැබිතිගොල්ලෑව හඳගල පුරාණගල්ලෙන්...

කිරුළ රැකගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොංකොං බලා යති

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලහිරු මධුශංකගේ නායකත්වයෙන් ධනංජය ලක්ෂාන්,තනුක...