අදම තරගාවලියේ තීරණය ගන්නත් පුළුවන්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW:

තරග පහකින් සමන්විත මැලේසියාව සහ ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද තරගයත් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වුවහොත් තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතු වෙනවා.පළමු තරග දෙකම ශ්‍රී ලංකාව ජයගෙන සිටින නිසා මේ තරගය ජය ගතහොත් තරගාවලියේ 3-0 ක් ලෙස ඉදිරියෙන් සිටීමට ශ්‍රි ලංකාවට අවස්ථාව හිමිවන අතර පසු තරග දෙකම ජය ගත්තත් එවැනි තත්ත්වයකදී මැලේසියාවට තරගාවලි ජයක් ලබන්නට නොහැකි වෙනවා.


පළමු තරගයේ ජයෙන් අනතුරුව කෝල්ට්ස් පිටියේදී දෙපිළ හමු වූ අවස්ථාවේදීත් ශ්‍රී ලංකාව කඩුලු 7 න් තරගය ජය ගන්නට සමත් වෙනවා.ශ්‍රී ලංකා පන්දු යැවීමේ පීඩනය දරාගෙන සියල්ලන් දැවී යාමෙන් වැළකෙන්නට මැලේසියාවට හැකි වුණත්,පන්දු ඕවර් 20 නිමාවේ ඔවුන්ට ලබා ගන්නට හැකි වෙන්නේ කඩුලු 7 ක් දැවී ලකුණු 94 ක් පමණයි.එහිදි අසෙනි තලගුණේ ලකුණු 14 ට කඩුලු 2 ක් සහ මිතලි අයෝධ්‍යා ලකුණු 8 ට එක් කඩුල්ලක් දවා ගන්නට සමත් වෙනවා.


පිළිතුරු ඉණිමට පිවිසෙන ශ්‍රී ලංකාව 18 වන පන්දු ඕවර්යේ සිව්වන පන්දුවේදි කඩුලු 3 ක් දැවී ලකුණු 98 ක් ලබා තරගයේ ජය කඩුලු 7 න් හිමි කර ගන්නවා.මනුදි නානායක්කාර පන්දු 41 ක් පුරා කඩුල්ලේ රැඳෙමින් නොදැවී ලකුණු 33 ක් රැස් කර ගන්න අතර ශෂිනි ගිම්හානි පන්දු 31 දී ලකුණු 32 ක් නොදැවී රැස් කරමින් කැපී පෙණෙන දායකත්වයක් තරග ජය වෙනුවෙන් ලබා දෙනවා.
මේ සමඟ දැක්වෙන්නේ දෙවන තරගයට අයත් ඡායාරූප කිහිපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...