දියත උයන ආසන්නයෙන් මතු වූ මත්ද්‍රව්‍ය , අවි සහ මුදල්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW :

ඊයේ (04) සිදු කළ වැටලීමකදී , පාර්ලිමේන්තු මාර්ගයේ දියත උයන ආසන්නයේ ඇති පාලම අසලදී පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය 65gක්, 60mg වැඩි ප්‍රමාණයක් මුදල් රුපියල් 146,000.00, ජංගම දුරකථන 03 ක්ද සිය භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී බාරුන් තිලකරත්න මාවත, මුල්ලේරියාව ලිපිනයේ දී පිස්තෝල අවියක් සහ 09 mm වර්ගයේ පතොරම් 09ක් සහිත මැගසින් 01 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 35 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම සැකකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 11 ක කාලයක් සේවය කර ඉන් ඉවත් කරන ලද පුද්ගලයකු බව අනාවරණය වී ඇත.

එමෙන්ම චූවා සමන්ත නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලිය සමග සම්බන්ධතා පනත්වන බව සහ ඒම පාර්ශවය මගින් මත්ද්‍රව්‍ය ලබා ගන්නා බවටත් වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත .

ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ කොට්ඨාශය බස්නාහිර පළාත් දකුණ දිශාව වෙත භාර දී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...