බී ළුණු සහ අල ගොවියාට තාමත් සාධාරණ මිලක් දෙන්න බැරි වුණා.දවසින් දෙකෙන් ඔක්කොම විසදන්නත් බැහැ – ඇමති විද්‍යාරත්න

Date:

කොළඹ LNW: දේශීය ලොකු ළුණු සහ අල ගොවියන් සඳහා සාධාරණ, නිශ්චිත මිලක් ලබා දීමේ වැඩපිළිවෙලක් තවමත් සකස් කර ගැනීමට හැකි වී නැති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.

පසුගිය කැබිනට් හමුවේදීද මේ ගැන අවධානය යොමුකළ අතර කෘෂි කර්මාන්තයේ ප්‍රශ්න දවසින් දෙකෙන් විසඳිය නොහැකි නමුත් කඩිනම් විසඳුමකට යා යුතුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ලබන වසරේ මෙවැනි ගැටළු ඇති නොවන ආකාරයට සැලසුම් සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යාංශ වෙත උපදෙස් දුන් අතර සාමුහිකව මැදිහත්වී එම කාර්යයන් ඉදිරියට කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

”කොහොම නමුත් මේ පවතින තත්ත්වය තුළ ගොවි ජනතාවට යම් සහනයක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගත්තා. ලංකා ඉතිහාසයේ ආනයනික අර්තාපල් වලට වැඩම බදු මුදලක් තීන්දු කරලා තියෙනවා. රු.80ක්. අනෙක් පැත්තෙන් බීජ අර්තාපල් වැඩිකරන්න කෘෂිකර්ම අමාත්‍යාංශය සැලකිය යුතු මැදිහත්වීමක් වෙලා තියෙනවා. නමුත් අපි පිළිගන්නවා ඒ ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නෑ. ආනයනික බීජ අර්තාපල් අපට ගේන්න සිද්ධ වෙනවා. ඒ අතර අපි තින්දුවක් ගත්තා සතොස, කීල්ස්, කාගිල්ස් වගේ ආයතන එකතුවෙලා අර්තාපල් ගොවියාගේත් ළුණු ගොවියාගෙත් අස්වැන්න සාධාරණ මිලදී ගැනීමේ යාන්ත්‍රණයට එන්න තීන්දු කළා. ඒ අනුව කිලෝ එකක් රු.210 වෙන මිලකට අර්තාපල මිලදී ගන්න තීන්දු කරලා තියෙනවා. විශේෂයෙන් කැප්පෙටිපොළ, බෝගහකුඹුර නුවරඑළිය කියන මධ්‍යස්ථානවල මිලදී ගැනීම් ප්‍රමාණයක් කරනවා. ඒක ප්‍රමාණවත් නැහැ. නමුත් අපි යම් උත්සහයක් දරනවා. අපි එහෙම මිලදී ගන්න කොට තරඟකාරීත්වයත් එක්ක අර්ත්පල් මිල ඉහළ නංවාගැනීමට අපි බැලුවා. යම් මට්ටමක් තියෙනවා. මේකවත් නොකලා නම් මීට වඩා ගොවියන් අර්බුදයකට යනවා.”

මේ අතර බී ළුණු සඳහා රු.130ක මිලක් නියම කළ අතර එය රු.145 දක්වා වැඩි වී තිබෙන නමුත් සම්පූර්ණයෙන් මෙම ප්‍රශ්නය විසඳි නැති බව පිළිගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් රජය ලෙස ප්‍රශ්නය හඳුනාගෙන තිබෙන බවත් ඉදිරි ක්‍රියාමාර්ග හදමින් ගොවියට තිබෙන පීඩනය අවම කිරීමට මැදිහත් වෙන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...

පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව...