භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW:

වඩු කාර්මිකයෙකු වන මොහාලි හී වෙසෙන භුපින්දර් සිං ට දැවයෙන් කරන නිර්මාණ අමාරු දේවල් නොවේය.ඔහු ශිල්පයේ හපනෙකි.එහෙත් ඔහු රැයක් නිදි මරාගෙන පුංචි කෙල්ලකට තැනූ ක්‍රිකට් පිත්තක් ඉන්දීය ඉතිහාසය වෙනස් කරන මොහොතකට දායක වන්නෙකු තනනු ඇතැයි ඔහුට නොසිතෙන්නට ඇත.


එහෙත් එය වී හමාරය.අමන්ජොට් කෝර් ගැන අද ක්‍රිකට් ලෝකයම දන්නේය.ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඕනඋම අභියෝගයක් භාර ගන්නට සූදානම් එකියක බව ඇය හොඳින්ම තහවුරු කරන්නට යෙදුණේ මෙවර ලෝක කුසලානය ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිවය.ඒ විශ්වාසය ඇය කඩ නොකළාය.වරක් ඇයට මුල් පෙළ පිතිකාරිණියක ලෙස කඩුල්ලට යන ලෙස කළ ඇරයුමට ඇය පස්ස ගැහුවේ නැත.


භුපින්දර් සිං අමන්ජෝට්ගේ පියා ය.ඔහු සහ පවුලේ හිතවතුන් තම ගෙදර සාලයේ එක්ව කඳුළු සළන වීඩියෝවක් මේ දිනවල වෛරල් වෙමින් ඇත.ඒ දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායිකාව ලෝරා ගෙන ගිය හුදෙකලා සටන නිමා කරමින් අමන්ජොට් රැකගත් උඩ පන්දුවට අදාළ මොහොතයි.දෑස ඒ මතම රඳවාගෙන හදවතින්ම ඇය තරගයේ නොසිටියානම් ඒ උඩ පන්දුව නොරැකෙන බව සහතිකය.ඒත් අමන්ජොට් තරගයට සියයට සියයක් දෙන ක්‍රිකට් වෙනුවෙන්ම ජිවිතයේ සියළු සිහින ගොඩ නැඟූ අයෙක්ය.


වීදියේ කොල්ලන් සමඟ ඇය ක්‍රීඩා කරනු දැකීමට සමහරුන් අකමැති විය.එහෙත් භුපින්දර් සම්ප්‍රදායෙන් මිදී කෙල්ලකට දෙන විවෘත අවස්ථා බොහෝ වටිනාකම් සහිත අවසානයක නවතින බව සිතන්නට ඇත.භුපින්දරුගේ ආශිර්වාදයත්,ඔහුගේ අම්මා වූ අමන්ජෝට්ගේ මිත්තනිය ඒ දෙසම දෑස් දල්වා බලා සිටිමින් දුන් රැකවරණයත් මත අමන්ජෝට්ගේ ක්‍රිකට් කොල්ලන් හා කරට කර වන්නට ලියලා වැඩුණේය.


අමන්ජොට්ට පිත්තක් නැති කමෙන් සසැලිණ.ඇයගේ ඒ සිහිනය සැබෑ කරන්නට ඉදිරිපත් වුණේ පියා ය.රාත්‍රියක් නිදි වරා ඔහු ඇයටම පිත්තක් කපා දුන්නාය.ඇය පිත්තක අයිතිකාරියක වී වීදියේ අණසක පතුරවනු භුපින්දර් බලා සිටි රූපය අද වන විට ලෝකයේම සිය අණසකට යටත් කර ගත හැකි දක්ෂතාවයන්ගෙන් පොහොසත් වී ඇත.
අමන්ජෝට් ලෝරාගේ උඩ පන්දුව රැකගෙන ඇය විසින් දකුණු අප්‍රිකාව දෙසට තරගය හරවන්නට ගනිමින් උන් උත්සාහය ව්‍යර්ථ වන තැන භුපින්දර්ගේ ඇසට උණන කඳුළු පමණක් නොව ඒ පවුලේ අයගේ කඳුළු මුසුවන සතුය අස්සේම අමන්ජොට්ගේ පවුලේ ආර්ථිකය ද හඳුනා ගන්නට අපහසු නැත.එහි බිත්තිවල ගැලවුණ පතුරු මෙන්ම සඛෝපභෝගීත්වයේ කඩතොළු සහිත ඒ ජීවිත අමන්ජෝට් වෙනුවෙන් දරාගත් දේ ද,අමන්ජොට් සිය අරමුණ වෙනුවෙන් දරාගත් දේ ද මිල කළ නොහැකි වන්නේ එහි අවසන ප්‍රතිපලය ලෝකයම ජය ගැනීම වූ කල්හී ය.


ඇයගේ වීදි පිටියේ ආරක්ෂකයා වූ ආච්චි හෘද රෝගයකින් පීඩා විඳිමින් රෝහල් ගත කර සිටින නිසා මසක් පමණ කාලයක් අමන්ජෝට්ලාගේ පවුලේ අය එය ඇයගෙන් රැකගෙන ඒ පීඩාවන්ට ද මුහුණ දුන්නාය.රොහල් ගතව සිටින සිය සෙවනැල්ල සේ සිටි මිත්තනිය රෝහලේ බව දැන ගැනීමෙන් ඇයගේ තරග මානසිකත්වයට හානි වේ යන්න සිතා පවුලේ අය එය රහසක් සේ රැකීම ද අවසානයේ වැටෙන්නේ ජයග්‍රහණය වෙනුවෙන් කළ කැප කිරිමක් හැටියටය.


ඉන්දියාවේ දක්ෂයන්ගේ කතාවන් සසල කළ හැකි රූපමය හැඩයකට ගෙතිය හැකි වෘතාත්තය.ඒවා දවසක අපේ ඇස් ඉදිරිපට චිත්‍රපට තාක්ෂණය සමඟ මුසු කළ හැකි පසුබිමක් මෙන්ම අනාගතයේදී එවැනි වටිනාකමක් ක්‍රිකට්වලින් ඉන්දියාවට එකතු කළ හැකි ක්‍රීඩිකාවක් වෙන්න අමන්ජෝට් කොවුර් ට ද විශාල හැකියාවක් ඇත.

https://bit.ly/4oRgBov

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව...