වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

Full harvest blood moon and silhouette tree on night dark blue sky, Elements of this image furnished by NASA

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී දැකගැනීමට හැකි වන බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසයි.

චන්ද්‍රයා ඉලිප්සාකාර ආකාරයට ගමන්ගන්නා නිසා පෘතුවියට ආසන්නමයෙන්ම ගමන් කරනා දිනය බැවින් මෙලෙස දැකගැනීමට හැකිවෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

සාමාන්‍ය ප්‍රමාණයට වඩා 10% විශාලව චන්ද්‍රයා දිස්වෙන අතර අතර වෙනත් දිනයන්ට වඩා 15% දීප්තිය වැඩිවීමක්ද දකින්නට අද හැකියාව පවතියි.

වසරකට සුපර් මූන් කිහිපයක් දකින්නට ලැබෙන නමුත් අද දිස්වන්නේ වසරේ විශාලතම හඳයි.

ආශිකා බ්‍රාහ්මණ