එකම නිවසේ ඝාතන දෙකක්! සැමියා බිරිඳව ඝාතනය කර තමාද දිවි නහගනී

0
600

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය බිරිඳට හිරමනයකින් හිසට පහර දී ඝාතනය කර, අනතුරුව ඔහුද නිවස තුළ ගෙල වැලලාගෙන ඇති බව, අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලීසිය පවසන්නේ, ඊයේ (04) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බවයි.

වැඩිදුරටත් වාර්තා වන්නේ , එසේ මියගොස් ඇත්තේ අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි බිරිඳ සහ 36 හැවිරිදි සැමියකු බවයි. අළුත්ගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකන බව සඳහන්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??