දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/05

Date:

  1. මාස 05 ක (2023.06.03 – 2023.11.03) කාලයක් තුළ ශ්‍රී ලංකා රුපියල 11.3% තරම් වූ දැවැන්ත අවප්‍රමාණයකට ලක්වෙයි: ඇමරිකානු ඩොලරයේ අගය රු. 300.33 සිට රු. 334.14 දක්වා ඉහළට: ආනයන පාලන ලිහිල් කිරීමත් සමඟ, 2024 මාර්තුවන විට රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රු. 400 දක්වා අවප්‍රමාණයවනු ඇති බවට විශ්ලේෂකයෝ විශ්වාස කරති: වර්තමානයේ ප්‍රවණතාවයක් සේ දක්නට ඇති රජයේ සුරැකුම්වල පවතින “හොට්-මනි” (hot-money) ආකාරයේ ආයෝජන දිවයිනෙන් පිටව යාම උත්සන්න වූවහොත්, රුපියල අවප්‍රමාණය වීමේ වේගය තවදුරටත් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරේ.
  2. කි.ග්‍රෑ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 3,565 දක්වා රු. 95 කින් ඉහළ දමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි: කි.ග්‍රෑ 12.5 සිලින්ඩරයක මිල රු. 1,431 දක්වා රු. 38 කින් ඉහළට: කි.ග්‍රෑ 2.3 සිලින්ඩරයක මිල රු. 668 දක්වා රු. 18 කින් ඉහළට: 2022 මාර්තු 31 දී කි.ග්‍රෑ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 2,675 වූ අතර, 2022 ජූලි 31 වන විට එය රු. 4,860 දක්වා ඉහළ ගියේය.
  3. 2025 වසරේ සිට රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබන සිසුවකුට රජය විසින් ආයෝජනය කරන ලද සම්පූර්ණ මුදලම “ශිෂ්‍යත්වයක්” ලෙස සෘජුවම ලබා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි: ඕනෑම සිසුවකු හෝ සිසුවියකට තමා කැමති විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීම සඳහා අවස්ථාව ලැබෙනු ඇති බව ද පවසයි.
  4. ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවාවල මිල දැනටමත් උපරිම ලෙස ඉහළ ගොස් ඇති නිසා තවදුරටත් මිල ඉහළ යාමේ හැකියාවක් නොමැති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පවසයි: අද පවතින භාණ්ඩ හා සේවාවල මිල ගණන් කෙතරම් ඉහළ ගොස් ඇත්ද යත්, ඒවා මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට සම්පත් නොමැති බව ද පවසයි: ජනතාව අතර මන්දපෝෂණය ඉහළ යමින් පවතින බව ද පවසයි.
  5. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ආහාර ද්‍රව්‍ය සහ පාන වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය කරයි. “ප්ලේන් ටී” එකක මිල රු. 05 කින් ද, කිරි තේ එකක මිල රු. 10 කින් ද ඉහළට: කෑම පාර්සලයක, ෆ්‍රයිඩ් රයිස් පාර්සලයක, සහ කොත්තු පාර්සලයක මිල රු. 20 කින් ඉහළට.
  6. 2024 මැතිවරණය සඳහා මැතිවරණ කොමිසම මහා භාණ්ඩාගාරයෙන් රු. බිලියන 30ක් ඉල්ලා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ වන විට පත් කර ඇත්තේ සාමාජික‍ෙන් 05 දෙනෙකුගෙන් 04 දෙනෙකු පමණක් බව ද පවසයි.
  7. දිවයිනේ ග්‍රාමීය රෝහල් 20ක් පමණ දැනටමත් වසා දමා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි: තවත් මාසයකින් පමණ පසු තවත් ග්‍රාමීය රෝහල් 50ක් වසා දමනු ඇති බවට අනතුරු අඟවයි: පවතින අධික බදුකරණයත් සමඟ තමන්ට හුරුපුරුදු ජීවන මට්ටම පවත්වා ගැනීමට නොහැකි නිසා බොහෝ වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් රට හැර යමින් සිටින බව ද පවසයි.
  8. රජයට අයත් සෙවණගල සීනි කම්හල ආණ්ඩුවේ කිට්ටු හිතවතකුට ලබාදීමට සැරසෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි: මෑත කාලීන කැබිනට් සංශෝධනය සෙවනගල කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණයට සම්බන්ධ බව ද පවසයි.
  9. ලෝක රග්බි සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම ඉවත් කළ බව ආසියානු රග්බි සභාපති ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ට දැනුම් දෙයි.
  10. 2023 ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ලකුණු 302 කින් පරාජයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිශ්‍රය අවට ආරක්ෂාව තර කිරීමට පොලීසිය පියවර ගනියි: බොහෝ ක්‍රිකට් රසික රසිකාවියෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කලමනාකාරිත්වය ගැන කලකිරීමෙන් හා විවේචන ඉදිරිපත් කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...