අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් ලඟදීම මෙරටට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, පිළිකා හා වකුගඩු රෝග සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් ඉදිරි සතිය තුළ දී මෙරටට ලැබීමට නියමිතව ඇති බවත්, අමෙරිකානු ඩොලර් 58,000 ක් වටිනා ඖෂධ තොගයක් ද ලැබීමට නියමිත බවයි.

තවද, බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය තවත් අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා ඖෂධ ආධාර තොගයක් මෙරටට ලබා දීමට නියමිත බව, ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී පවසා ඇත.

දැනට රට තුළ පවතින ඖෂධ හිඟයට පිළියමක් ලෙස, ඉදිරියේ දී ශ්‍රී ලංකා හා බංග්ලාදේශ රජයන් අතර ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් වන රාජ්‍ය මට්ටමේ දිගු කාලීන වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාවය පිළිබදව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් ගමන් මඟ කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අදින් ඇරඹෙන Lanka Ride පාපැදි සවාරිය!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : අද (16) පෙ.ව...

පකිස්තාන කාන්තාවන් ඉදිරියේ ශ්‍රී ලංකා කාන්තාවන් පසුබසියි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් පාපන්දු...