ජනාධිපති තාමත් හැසිරෙන්නේ 3% විපක්ෂ මන්ත්‍රීවරයා වගේ!

Date:

කොළඹ LNW:සාර්ථක නායකයෙකු වීමට නම් රට ගැන දර්ශනයක් මෙන්ම වැඩපිළිවෙලක් තිබීම අත්‍යවශ්‍ය නමුත් අනුර දිසානායක පාලනයේ එවැන්නක් දක්නට නොමැති බවත් ජනාධිපතිවරයා තවමත් හැසිරෙන්නේ 3% නියෝජනය කළ විපක්ෂයේ මන්ත්‍රීවරයා ලෙස බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

රට මුහුණදී තිබෙන අභියෝග සැළකීමේදී පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සහ බ්‍රික්ස් සමුළුව වැනි වැදගත් ජාත්‍යන්තර සමුළු මඟහරින වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා මිලියන 22ක ජනතාවක් සමඟ සෙල්ලම් නොකළ යුතු බව හෙතෙම කියාසිටියි.

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන්, සෙංකඩගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

‘හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙත් නෑ . ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නෑ . නමුත් එතුමාගේ සහයෝගය ශක්තිය මේ රටට අවශ්‍ය නම් එය ඕනෑම වේලාවක සූදානම්. ගෑස් සිලින්ඩරය කණ්ඩායම මෙවර ඔබ හමුවට ඇවිත් ඒ පණිවිඩය ලබාදෙනවා . ඔබතුමන්ලා දන්නවා පසුගිය දිනවල පොදුරාජ්‍ය මණ්ඩල නායකත්ව සමුළුව පැවැත්වුණා. සාමාන්‍යයෙන් ඊට රටේ රාජ්‍ය නායකයා සහභාගී වෙනවා. එය වෙනස් නොකර පවත්වාගෙන පැමිණි සම්ප්‍රදායක්. ඒ වගේම බ්‍රික්ස් සමුළුවත් පැවැත්වුණා. එය ලෝකයේ නැගී එන සහ බලවත් රටවල එකතුවක්. බ්‍රික්ස් රටවල ජනගහනය බිලියන 3.2ක්. ඒ කියන්නේ එය අතිවිශාල වෙළඳපොළක්. ඔවුන්ගේ ඒකාබද්ධ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 26ක්. එවැනි වැදගත් සමුළු වලට යවා තිබෙන්නේ සාමාන්‍ය නිලධාරීන් පිරිසක් පමණයි.

අපේ රට ණය අර්බුදයක සිටිනවා. ඒ කොහෙවත් යන පොලී මුදලාලි කෙනෙකුට වුණ ණයක් නෙවෙයි. අපි ණය පැරිස් සමාජය, ඉන්දියාව, චීනය වැනි රටවල් ගණනාවකටයි. ඒ රටවල නායකයන් හමුවෙන, ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවෙන සමුළු සඳහා ජනාධිපතිවරයා සහභාගීව නෑ. ඇයි අපි රටට වැදගත් වන මෙවැනි සමුළු මඟ හරින්නේ? ජනාධිපතිවරයා මේ අවස්ථා පැහැරහරිමින් කරන්නේ මේ රටේ සිටින මිලියන 22ක ජනතාව සමඟ සෙල්ලමක්. එතුමා තවමත් හිතාගෙන ඉන්නේ ඔහු විපක්ෂයේ සිටින 3% නියෝජනය කරන මන්ත්‍රීවරයා ලෙසයි. මේ ආකාරයට දිගටම ගියොත් රට බරපතල අර්බුදයකට යනවා. එය වලක්වන්න කාටවත් බෑ. කොහොම නමුත් මේ වන විට පෙන්නුම් කරන දේ තමයි මේ විදිහට නම් දිගටම අනුර කුමාර දිසානායක පාලනය රට ගෙනියන්නේ වසරක් තුළ රට නැවතත් අර්බුදයට යනවා . මම මීට පෙර සඳහන් කර සිටියේ වසර එකහාමාරක් මේ ආණ්ඩුවට යන්න පුළුවන් කියලයි. නමුත් දැන් එයින් මාස 6ක් අඩු කරන්න වෙනවා. දැන් ඔබතුමන්ලා ලියලා තියාගන්න අවුරුද්දකට වඩා මේ ආකාරයට රට ගෙනියන්න බෑ.” යනුවෙන් හිටප්ය් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සෙංකඩගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...