මාලිමා මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට !

ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගරසභා මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් ද සමග අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු ද වන 54 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්.

මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද ‍තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම වැටළීම සිදුකර තිබුණු අතර එහිදී අදාළ විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් පසුපස වළදමා තිබියදී මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත.

එහි හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 185ක ප්‍රමාණයක් තිබී ඇති බවත් ඒවායේ වීදි වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික වන බවත් වාර්තා විය.

එමෙන්ම අදාළ විදුහල්පතිවරයා විසින් ඒ ආසන්නයේ පිහිටි වැවකට දමා තිබුණු මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතීන් සීලර් යන්ත්‍රයක් ද සොයාගෙන ඇති බවත් පොලීසිය පවසයි.

මීට අමතරව මෙම විදුහල්පතිවරයාගේ 22 හැවිරිදි පුත්‍රයා ද මීට මාසයකට පමණ පෙර හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත් අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිස් ආරංචිමාර්ග පැවසීය.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...