ශ්‍රී ලංකාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW:

ICC සංකල්පයකට අනුව ක්‍රිකට් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය වීම සළකා මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාව විසින් විස්සයි විස්ස තරග පහක්ම ලබා දී තිබෙනවා.එහිදී තරගවල තරගකාරීත්වය සහ සටන්කාමීත්වය උද්යෝගිමත්ව වැඩි කර ගනිමින් මැලේසියාවට පහසු සහ වඩාත් සමීප දක්ෂතා ඇති කණ්ඩායමක් ප්‍රතිවාදීන් ලෙස ලබා දීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට මැලේසියානු කණ්ඩායම සමඟ තරග කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.එහෙත් තරග පහකින් සමන්විත තරගාවලියේ තරග තුනක් නිමාවන විට තරග 3-0 ක් ලෙස තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතු කර ගැනීමට අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත් වුණා.


පළමු තරගයේ සිට මැලේසියා ජාතික කණ්ඩායමේ දක්ෂතා ඉහළ නැඟීම සිඳු විය යුතු වුව ද,එහ අනෙක් පස සිඳු කරමින් ශ්‍රී ලංකා තරුණියන් එහි පළමු තරගය කඩුලු 5 කින් ද,දෙවන තරගය කඩුලු 7 න් ද සහ තුන්වන තරගය ලකුණු 118 ජයක් ද වාර්තා කළේ ශ්‍රී ලංකා තරුණියන්ය.
තෙවන තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 166 ක් රැස් කරන්නට සමත් විය.එහිදී මෑතකදී නිමාව දුටු ඔස්ට්‍රේලියා අවුරුදු 19 න් පහළ තරගවෙලියේදී සාර්ථක වූ සංජනා කාවින්දි වෙනුවට මෙවර තරගාවලියේ දී සාර්ථකව ක්‍රීඩා කරන විමෝක්ෂා බාලසූරිය කැපී පෙණෙන ඉණිමක් දියත් කරමින් ලකුණු 62 ක් රැස් කළේ පන්දු 42 න් ය.එයට හතරේ පහර 10 ක් අයත්ව තිබිණ.


පිතිකරු නාමාවලියේ උසස්වීමක් ලැබ අංක 4 පිතිකාරිණිය වීමේ භාග්‍යය ලද රශ්මිකා සෙව්වන්දි පන්දු 30 දී ලකුණු 38 ක් ලැබුවේ හතරේ පහර 3 ක් සහ එක් හයේ පහරක් ද සමඟය.ශෂිනි ගිම්හානි පන්දු 14 දී ලකුණු 20 ක් ලබා ගත්තේ එක් හයේ පහරක් එක් හතරේ පහරක් සමඟින්ය.මේ ප්‍රහාරය හමුවේ නොසැලී පන්දු යැවූ නූර් ඩානියා පන්දු ඕවර් 4 ලකුණු 20 නිමා කළේ කඩුලු 3 ක් දවා ගනිමින්ය.


පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ මැලේසියාව එම ලකුණු පූවරුවේ ඇති අගය විසින් තිගැස්මට ලක් කර තිබෙන බව පැහැදිළි විය.තරගාවලියේ පළමුවරට ඔවුන් සියල්ලම දැවී ගිය අතර ලබා ගත්තේ ලකුණු 48 ක් පමණි.පන්දු ඕවර් 13.5 දී නිමාව දුටු මැලේසියා ඉණිමෙන් පන්දු ඕවර් 2.5 ක් යැවූ අසෙනි තලගුණේ ලකුණු 10 ට කඩුලු 5 ක් ලබා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවිමක නිරත විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...