මෙක්සිකෝ ජනාධිපතිවරිය වීදියේදී තමාව අතවරයට ලක් කළ පුද්ගලයකුට එරෙහිව නඩු පවරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් විසින් තමා ප්‍රසිද්ධියේ පෙනී සිටියදී ඇයව අතවරයට ලක් කිරීමට උත්සහ කළ පුද්ගලයෙකුට එරෙහිව චෝදනා ගොනු කරන බව ප්‍රකාශ කර තිබේ.

මෙක්සිකෝ නගරයේ ජාතික මාළිගාව අසල වීදියක ආධාරකරුවන් පිරිසක් සමඟ කතා කරන කරමින් සිටියදී මිනිසෙක් ඇය පිටුපසින් පැමිණ ඇගේ බෙල්ල සිප ගැනීමට සහ ඇගේ සිරුර මත දෑත් තැබීමට උත්සාහ කර ඇති අතර ඒ බව වීඩියෝගත වී ඇත.

ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ඉක්මනින් ඉවතට ගොස් ඇති නමුත් ඇය දැඩි කම්පනයට පත්ව ඇති අතර ජනාධිපති ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටළු පැනනගි ඇත.

අදාළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරිය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, මෙම පැමිණිල්ල ගොනු නොකළහොත්, රටේ ජනාධිපතිවරයාට පවා මෙලෙස සිදුවන්නේ නම් අනෙක් කාන්තාවන්ගේ තත්වය කෙසේ වේද යනුවෙනි.

කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් සහ ස්ත්‍රීවාදී විචාරකයින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම මෙක්සිකානු සමාජයේ මුල් බැසගත් පුරුෂාධිපත්‍යයේ තරම පෙන්නුම් කරන බවත්, එහිදී පිරිමියෙකු කාන්තාවක් නම් ජනාධිපතිවරයාට පවා චෝදනා කිරීමට අයිතියක් ඇති බව විශ්වාස කරන බවත්ය.

කෙසේ නමුත්, මෙක්සිකෝවේ ස්ත්‍රී දූෂණය ද විශාල ගැටලුවක් වන අතර, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ මිනීමැරුම්වලින් 98% ක්ම දඬුවම් නොලබන බවට ගණන් බලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : අද (06) දිනයේ...

චීනයත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි!

කොළඹ LNW:පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට...

NPP දෙවන අයවැය හෙට!

කොළඹ LNW: ජාතික ජන බලවේගය රජයේ 2026 වසර සඳහා...

විරේන්ගෙන් කොරියාවේදී හපන්කම්

ශ්‍රී ලංකාවේ ජාතික බැඩිමින්ටන් සූරයා වන විරේන් නෙත්තසිංහ කොරියාවේ...