47 වැනි වාර්ෂික සත් සාමාජික වෙළෙඳ සේවා හොකී තරගාවලිය මෙම මස 9 වැනිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW:

වසර 1957දී ආරම්භ කරනු ලැබූ වෙළෙඳ සේවා හොකී සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනික හොකී සංගමය වන අතර ඔවුන් විසින් මෙහෙයවනු ලබන 47 වැනි වාර්ෂික සත් සාමාජික හොකී තරගාවලිය මෙම මස 9 වැනිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කණ්ඩායම් 26ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 250කට අධික සංඛ්‍යාවක් කාණ්ඩ 6ක් යටතේ තරගාවලියට එක්වී සිටිති. 1973 වසරේදී ආරම්භ වූ වෙළෙඳසේවා සත් සාමාජික හොකී තරගාවලිය ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා පැවැත්වෙන හොකී තරගාවලිය ද වේ.
මෙවර තරගාවලියට වෙළෙඳසේවා හොකී සංගම් සභාපති කුසලාන තරග අංශය සමඟ තවත් තරග අංශ 5ක් ඇතුළත් අතර වැඩිපුර කණ්ඩායම් තුනක් පමණ ඉකුත් වසරට සාපේක්ෂව මෙවර තරගාවලියේදී තරගාවලියට එක් වී සිටින බව වී බාලබෝගි (වෙළද සේවා හොකී සභාපති)මෙහිදී ප්‍රකාශ කරන්නට යෙදිණ.

A කාණ්ඩය (ඩෙනිස් ද රොසයිරෝ කුසලාන) –හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, මාස් හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව

B කාණ්ඩය (සිංගර් කුසලාන): හේලිස් සමූහ, බ්‍රවුන්ස් සමූහ, ජෝන් කීල්ස්, CIAP , ජනශක්ති ෆිනෑන්ස්

C කාණ්ඩය (MHA කුසලාන): ඩේවිඩ් පීරිස් සමාගම, NTB, HSBC, Future Life Holdings

D කාණ්ඩය (එඩ්මන්ඩ් ජේ. කුරේ කුසලාන): සිංගර්, SLT හේමාස් සමුහ

E කාණ්ඩය (Ceylon Cold Stores කුසලාන): Ceylon Tobacco, Deloitte, Inqube Solutions (Pvt) Ltd

MHA සභාපති කුසලාන: කොමර්ෂල් බැංකුව ‘බී‘, බ්‍රවුන්ස් ‘බී‘, මාස් හෝල්ඩිංග්ස් ‘බී‘, හැටන් නැෂනල් බැංකුව ‘බී‘,NTB ‘බී‘

ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ හොකී කණ්ඩායම්වල සාමාජිකයන් ද තරග වදින වෙළෙඳසේවා සත් සාමාජික හොකී තරගාවලියේ අවසන් තරග එදින පස්වරු 3.00ට ඇරැඹෙන අතර, A කාණ්ඩයේ අවසන් තරගය එදින පස්වරු 4.30ට පැවැත්වෙනු ඇත.

ජනශක්ති සමූහ ව්‍යාපාරය, බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාරය, Ceylon Cold Stores සහ Haleon Lanka (Pvt) Ltd සහයෝගිතාව තුළින් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ බ්‍රවුන්ස් සහ සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල විජේසිංහ මහතා එක්වීමට නියමිතය. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂ රොෂාන් කුලසූරිය මහතා ගෞරවනීය ආරාධිත ලෙස තරගාවලියට එක්වනු ඇත.

වසර 69ක දීර්ඝ කාලය පුරා ජාතික මට්ටමේ ක්‍රීඩකයන් 79 බිහි කිරීමටද සමත් වී ඇත. වසර 61ක කාලයක් ජාතික තරගාවලි නියෝජනය කරන වෙළෙඳසේවා හොකී සංගමය එම කාලය ඇතුළත ජාතික ශූරතා 16කට සහ අනුශූරතා 20කට හිමිකම් කීමට සමත් විය. ආයතනික සහ ජාතික මට්ටම තුළින් හොකී ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම, දක්ෂතා ගොඩ නැඟීම සහ ක්‍රීඩාශීලීත්වය ඉහළ නැංවීම වෙළෙඳසේවා හොකී සංගමයේ ප්‍රධාන අරමුණ වේ.
වමේ වයි සුගන්දන් (ප්‍රධාන ලේකම්) එම්එච්ඒ ක්‍රිස්ටෝ තිසර (තරඟාවලියේ අධ්‍යක්ෂ) වී බාලබෝගි (සභාපති) වෙළද සේවා හොකී සංගමය නියෝජනය කරමින් සහභාගි විය.එසේම ඉන්ද්‍රජිත් මනුවලගේ (Ceylon Cold stores Activation Manager) මෙන්ම මංජුල වීරකෝන් (Haleon commercial Lead) අදාල අනුග්‍රහ ආයතන නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...

මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි

කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම...

Cinnamon Life at City of Dreams සමඟ What’s Your Colombo?

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා නිර්මාණ...

එප්පාවල හෙරොයින් ජාවාරම : මාලිමා මන්ත්‍රිනියගේ සැමියාව රඳවාගෙන ප්‍රශ්න කරයි

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක්...