පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

Date:

සටහන – පුලී

නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට III වන චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමන ලදී. හිටපු බ්‍රිතාන්‍ය පාපන්දු තරුව ඔහුගේ ඒ ආඩම්බර මොහොත ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ හරි උජාරුවෙන් රසිකයන් සමඟ බෙදා ගෙන තිබුණි.


හිටපු එංගලන්ත පාපන්දු ක්‍රීඩකයා ඉකුත් අඟහරුවාදා වින්ඩ්සර් මාලිගයේ පැවති උත්සවයකදී ක්‍රීඩාවට සහ පුණ්‍ය කටයුතු සඳහා කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය ලබා ගත්තේය. එහිදී ජපන්-බ්‍රිතාන්‍ය කතුවරියක් සහ තිර රචක කසුඕ ඉෂිගුරෝ සහ වෙස්ට් එන්ඩ් සහ බ්‍රෝඩ්වේ තරුවක් වන එලේන් පේජ් ද ගෞරව ලැබීය.

මෙම වසර මුලදී රජුගේ උපන්දින ගෞරව ලැයිස්තුවේ බෙකම් නම් කරන ලද අතර මෙම පදවිය පිළිබඳ ඔහු දැරූ අදහස් මෙසේය:

“මගේ වෘත්තීය ජීවිතය තුළ මම දිනපු දේ දිනා ගැනීමට ලැබීම මට ඉතා පැහැදිලිවම වාසනාවක්. මම කළ දේ කළා, නමුත් මේ වගේ ගෞරවයක්, නයිට්වරයෙකුගේ ගෞරවයක් මට ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැති දෙයක්,” බෙකම් උත්සවයෙන් පසු බ්‍රිතාන්‍ය මාධ්‍ය ඔස්සේ මෙසේ ප්‍රකාශයක් සිදු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...