මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

Date:

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම අද (06) පරාජයට පත්ව තිබේ.

එම අයවැය අද පෙරවරුවේ ආරම්භ වූ කොලොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරයේදී ඉදිරිපත් කෙරුණු අතර අද පස්වරුවේ අයවැය පළමුවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්විණි.

එහිදී අයවැය පරාජයට පත්කිරීමට විපක්ෂය කටයුතු කර ඇත.

කොලොන්න ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගයේ සභිකයින් 9ක්, සමගි ජන බලවේගයේ සභිකයින් 5ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් 3ක්, එක්සත් ජාතික පක්ෂයේ එක් සභිකයෙකු සහ සර්වජන බලය පක්ෂයේ එක් සභිකයෙකුගෙන් සමන්විත ය.

ඒ අනුව ජාජබට සභිකයින් 9ක් සහ විපක්ෂයට සභිකයින් 10 දෙනෙකු වශයෙන් සිටින නමුත් සභාපතිවරයා තේරීමේදී රහස් ඡන්දයක් පවත්වා කුමන හෝ ක්‍රමයකින් එය ජයග්‍රහණය කර සභාවේ බලය පිහිටුවීමට ජාජබ කටයුතු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...

‘ තිරසර කෘෂි වැඩසටහන’යළි ක්‍රියාවට නැංවේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ' තිරසර කෘෂි...

ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක වැඩ සැලසුම් කිරීමට පියවර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ටොරින්ටන් මාවතේ නිවාස...