නායයෑමක් නිසා අවහිර වූ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය තව දුරටත් වැසේ! පිළිසකර කටයුතු අද උදෑසන සිට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (05) පස්වරුවේ නායයෑමක් නිසා අවහිර වු කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බත්ගොඩ ප්‍රදේශයේ මාර්ග කොටස පිළිසකර කිරීමේ කටයුතු අද (06) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පවතින කාලගුණ තත්ත්වය හමුවේ මාර්ගය පිළිසකර කිරිමේ කටයුතු ඊයේ රාත්‍රී සිදුකිරිමට බාධා එල්ල වු බැවින් එම කටයුතු අද පෙරවරුවේ සිදුකිරිමට තීරණය කර ඇති බවත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධීක්ෂණය යටතේ මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේය.

එමෙන්ම බත්ගොඩ ප්‍රදේශයේ අවදානම් තත්ත්වයේ පසුවන නිවාස 10ක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථානවලට යොමුකිරීමට ද පියවර ගත් බවද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

මෙණ්ඩිස් වෙල්ලාලගේට වීරත්වය පුද කළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: කාසියේ වාසියත් සමඟ පළමුව...