ගංවතුරින් සෝමාලියාව අසරණ වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට සෝමාලියාවේ Jubbaland ප්‍රාන්තයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරින් ප්‍රදේශ රැසක දහස් ගණනක් ජනතාව සිරවී සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය පවසයි.

එරට මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පසුගිය මාසයේ ආරම්භ වූ අධික වර්ෂාව හේතුවෙන් Juba ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් ප්‍රාන්තයේ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් පවතින බවයි ,

Luuq දිස්ත්‍රික්කයේ, ජලයෙන් වට වූ ප්‍රදේශයක පුද්ගලයින් 2,400 ක් ගලවා ගැනීමට නොහැකිව සිටින බව වැඩිදුරටත් වාර්තා වන අතර, ගංවතුර පවතින ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවද වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය මාසයේ සිට සෝමාලියාවට ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් 47,000 ක් අවතැන් වී ඇති බවයි.

ගංවතුර හේතුවෙන් Hirshabelle සහ නිරිතදිග ප්‍රාන්තවලට ද බලපෑම් එල්ලවී ඇති අතර විශාල හානියක් සිදුව ඇති බව, සෝමාලියාවේ තොරතුරු අමාත්‍ය Daud Aweis පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය !

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී...

මාලිමා රජය සූර්ය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කරන්න හදනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණ වත්මන් රජය පුනර්ජනනීය...

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...