පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට ආශිර්වාද දුන්නේ දේශපාලන නායකයො. අපි ඇවිත් මේක නතර කළා – ඇමති රත්න

සටහන – රුවන් නෙළුගොල්ල

දැන් මේ රටේ ස්ථාපිතව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හෝ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට හෝ කිසිම ලෙසකින් අනුබල නොදෙන පාලනයක් බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

“මත්ද්‍රව්‍ය කල්ලි, ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලිවලට ආශිර්වාදය ලබාදුන්නෙ මේ රටේ දේශපාලන නායකයො. අපේ රජය ඇවිත් අපි මේක නතර කළා. බොහොම පැහැදිලියි කියන්න, දැන් මේ රටේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට හෝ මේ රටේ මත්ද්‍රව්‍ය කල්ලියකට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිම ලෙසකින් අනුබල නොදෙන පාලනයක් තමයි දැන් ස්ථාපිත වෙලා තියෙන්නෙ”

රත්න ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.