ටෙස්ලා කොටස් හිමියන් විසින් එලෝන් මස්ක්ට ඩොලර් ට්‍රිලියන 1 ක වැටුප් පැකේජයක් ගෙවන ලකුණු

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටෙස්ලා සමාගමේ කොටස් හිමියන් විසින් එහි විධායක නිලධාරී එලොන් මස්ක් සඳහා ඩොලර් ට්‍රිලියන 1ක වැටුප් පැකේජයක් අනුමත කර ඇති බව වාර්තා වේ.

දැනටමත් ටෙස්ලාහි කොටස්වලින් 13%ක් පමණ හිමිකාරිත්වය දරන මස්ක් වෙනුවෙන් කොටස් හිමියන් 75%කට වඩා මෙම තීරණය අනුමත කර ඇති අතර මස්ක්ගේ මෙම මුදල අයර්ලන්තය, ස්වීඩනය සහ ආර්ජන්ටිනාවේ දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා යනු ඇත.

මෙම ගෙවීම් ප්‍රමාණය විවේචනයට ලක්ව ඇතිමුත්, ටෙස්ලා මණ්ඩලය තර්ක කර තිබුණේ, ඉදිරි දශකය තුළ මස්ක් අ ටෙස්ලා හි වෙළඳපල වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.4 සිට ඩොලර් ට්‍රිලියන 8.5 දක්වා ඉහළ නැංවීම ඇතුළත් වන බැවින් මෙම පැකේජය අනුමත නොකළහොත් මස්ක් සමාගමෙන් ඉවත් විය හැකි බවත්, ඔහුව අහිමි කර ගැනීමට එයට නොහැකි බවත්ය.

බ්ලූම්බර්ග්ගේ බිලියනපති දර්ශකයට අනුව නොවැම්බර් වන විට මස්ක්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 460 ක් වූ අතර එය ලෝකයේ ඉහළම අගය ලෙස වාර්තා කෙරේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය...

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...