ගිය අවුරුද්දටත් වඩා සරුසාර අයවැයක් ගේනවා. මේක ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැයයි – ඇමති විද්‍යාරත්න

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය මෙවර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“අයවැය දැන්ම කියන්නෙ නෑ. අයවැය රහස් කියන්නෙ මුදල් ඇමතිතුමා. ඒ හින්දා ජනාධිපතිතුමා ලහිලහියේ සූදානම් වෙලා තියෙන්නෙ. වෙනදා වගේ නෙවෙයි, ජනතාවාදී අයවැයක් කරන්න බිම්මට්ටමේ යෝජනා කල් ඇතිව ගත්තා. ඒ යෝජනා ඔක්කොම අරගෙන ගිය අවුරුද්දට වඩා සරුසාර අයවැයක් 2026ට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා. 2025 මේ ගතවෙන අවුරුද්දෙත් අපි සුවිශාල වැඩ කොටසක් කළා. එයිට වඩා පිම්මක් අනිවාර්යයෙන්ම අපි 2026 පනිනවා. මේ අයවැය අපි සූදානම් කරලා තියෙන්නෙ ; බිම්මට්ටමේ ජනතාවට සහන සලසන්න ඕනෙ, ගම්බිම්වල පාරවල් ටික හදන්න ඕනෙ, නිවාස හදලා දෙන්න ඕනෙ. ඒ වගේම ස්වයං රැකියා ආධාර, කර්මාන්තවලට විශාල අනුග්‍රහයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට අපි අතහිත දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි රජය හැටියට තීන්දුවක් අරන් තියෙනවා අනිවාර්යයෙන්ම වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩිකරන්න ඕනෙ. කොහොමටත් ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය අහගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ පූනාගල – බණ්ඩාරවෙල මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (06) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෛත්‍රී අල්ලස් කොමිසමට යද්දී ගොඩහේවා CID යයි

කොළඹ LNW:හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ...

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී Flexiprint රිදී සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ලොව වඩාත්ම විචිත්‍රවත්...