ශ්‍රී ලාංකික පවුලක 6දෙනෙකු ඝාතනය කිරීමේ වරදට ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් තරුණයාට ජීවිතාත්නය දක්වා සිර දඬුවම්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW :

කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ,පසුගිය 2024 වසරේ දී ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි මෙරට ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් තරුණායට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.

වසර 25ක් කිසිදු සමාවක් නැතිව ඔහු මෙම දඬුවම විදිය යුතු බව, අදාළ නියෝගය ප්‍රකාශ කරමින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඉකුත් වසරේදී සිදු වූ මෙම සිද්ධියට අනුව, කැනඩාවේදී තම පවුලේ සමූහ ඝාතනයෙන් දිවි ගලවා ගත් ශ්‍රී ලාංකික පියෙකු පැවසුවේ රැකියාවෙන් නිවසට පැමිණි විට ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් හතර දෙනා මරා දමා ඇති බව දුටු බවයි. 34 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහ ද ප්‍රහාරයට ලක් වූ නමුත් සැකකරු යටත් කර ගැනීමට ඔහු සමත් වී තිබුණි. එහිදී ඔහුගේ ඇසට සහ ඔහුගේ එක් අතකට සිදු වූ කැපුම් තුවාලයක් සිදුව රෝහල් ගතකර තිබුණි. එහිදී පවුලේ අය සමඟ ජීවත් වූ 19 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට මෙම මරණ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...