*
Friday, October 18, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/07

1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊජිප්තුවේ දී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා හමුවෙයි.
ශ්‍රී ලංකා රජයේ ජාතික පරිසර ප්‍රතිපත්තිය පිළිබඳ රජයේ සැලසුම් පිළිබඳව ඔහුට විස්තර කරයි.

වික්‍රමසිංහ මහතා නොවැම්බර් 8 වන දින දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ COP 27 ලෝක සමුළුව Sharm-El-Shiek හි දී ඇමතීමට නියමිතය.

2.පසුගිය වෙන්දේසි 6 හි නිකුත් කරන ලද රුපියල් බිලියන 401.4 ක මුළු භාණ්ඩාගාර බිල්පත් වලින් රුපියල් බිලියන 366.4(සියයට 91.3)ක් යොදා ඇත්තේ මාස 3 ක කාලයක් සඳහා බව මහබැංකු දත්ත පෙන්නුම්කරයි.  නුදුරු අනාගතයේ දී කළමණාකරණය කළ නොහැකි පරිදි ඇනවුම් පොදි ගැසීම පිළිබඳ විශ්ලේෂකයහු කනස්සල්ල පළ කරති:  එවැනි අවදානමක් මත පොලීඅනුපාතවල නොවැළැක්විය හැකි විශාල වශෙයෙන් වැඩිවීමක් හෝ දේශීය ණය පැහැර හැරීමකට තුඩු දෙනු ඇතැයි ද යන්න ඔවුහු පෙන්වා දෙති.

3. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායිකා, ගීත රචක සහ රැප් ගායිකා යොහානි මුම්බායි වෙත තම පදිංචිය මාරු කරයි. ඇය බොලිවුඩයට වැඩි අවධානයක් යොමු කරමින් හින්දි ඉගෙනීමට ද පටන් ගනී.

4. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ ඉන්දීය දඩයම් ට්‍රෝලර් යාත්‍රා ලුහුබැඳීම සඳහා තලෙයිමන්නාරමට උතුරින් වූ මුහුදේ නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කරයි.
-ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සමඟ ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට!

5. ජාතික ඉන්ධන බලපත්‍රයේ ත්‍රිරෝද රථ සඳහා සතිපතා ඉන්ධන කෝටාව 10 දක්වා වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි.
මෙම වැඩි කිරීම බස්නාහිර පළාතේ පූර්ණ කාලීන ත්‍රිරෝද රථ කුලී රථ සඳහා පමණක් අදාළ වන අතර මේ සඳහා ලියාපදිංචි කිරීම අන්තර්ජාලය හරහා සිදු වේ.

6. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය දෙපාර්තමේන්තුව, අධිකාරියක් බවට පත් කිරීම පිළිබඳව සාකච්ඡා අරඹයි!
මගීන්ට හැකි උපරිම ප්‍රතිලාභ ලබාදීමේ අරමුණ මුල් කරගෙන දුම්රිය නිලධාරීන්, වෘත්තීය සමිති සහ සේවකයන්ගේ යෝජනා හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු මෙම පරිවර්තනය සිදු කරන බව ද පවසයි.

7. මැයි 9 මැර ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර පෙරළුණු හිටපු අමාත්‍ය ඩී ඒ රාජපක්ෂගේ තංගල්ලේ පිහිටි ප්‍රතිමාව යළි පිළිසකර කර, සමරු උත්සවයේදී නිරාවරණය කෙරේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙම අවස්ථාවට සහභාගි විය.

8.(දළ වශයෙන් ඩොලර් මිලියන 80ක වටිනාකමකින් යුත්) බොරතෙල් මෙට්‍රික් ටොන් 99,000ක් රැගත් තෙල් නැව තවමත් දින 45 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් නැංගුරම්ලා ඇත. එම ඉන්ධන තොගය ගොඩබෑම සඳහා මහ බැංකුවෙන් ගෙවීමක් කරන තෙක් එසේ නවතා තිබේ. වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත පවසන්නේ; එවැනි ටැංකි නැව් සඳහා සාමාන්‍යයෙන් දිනකට ඩොලර් 150,000 ක පමණ මුදලක් අය කරන බවයි.

9. පොළොන්නරුව කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් 50ක් පමණ පලා ගොස් ඇත. යුධ හමුදාව සහ පොලිසිය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

10. ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් සිඩ්නි පොලිසිය විසින් ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකාරිය Dating වෙබ් අඩවියක් හරහා හඳුනා ගත් 29 හැවිරිදි කාන්තාවක් වන බව සඳහන්.

සටහන: ඊයේ දිනයේදී වාර්තා කරන ලද පරි​දි තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ ප්‍රකාශ කළ අදහස “සාවද්‍ය ලෙස උපුටා දක්වා ඇති” බව කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටිති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan